කළු  ජූලියෙන් තිස් නම වසරක් ගෙවුණු තැන…

කළු ජූලියෙන් තිස් නම වසරක් ගෙවුණු තැන…

කළු ජූලියට වසර 39 ක් ගෙවී ඇතත් අඳුරු කළු පැල්ලමේ බලපෑම තවමත් හමාර වී නැත.

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් බී බි සී යට අදහස් දක්වමින් පැවසුවේ කළු ජූලිය ශ්‍රී ලංකාව විනාශකාරී තැනකට තල්ලු කළ බවයි.

“ඇත්තටම කළු ජූලිය තමා මේ ලංකාවේ ගමන් මඟ, මහා විනාශකාරී තැනකට තල්ල කරපු, ප්‍රථම අවස්ථාව කියලා මං හිතනවා. එක පැත්තකින් දෙමළ ජනයා සන්නද්ධ මාවතට තල්ලුකළා . ජේ.වී.පී එක සන්නද්ධ මාවතකට තල්ලු කළා. ඒ ආශ්‍රියෙන් ඇති වෙච්චි යුද්ධ කළකෝලහාල ගත්තාම දැන් ලංකාව බිලියන 51ක් ණය යි කියනවා. ලංකාවේ මේ කැරලි කෝළහල නිසා වෙච්ච ආර්ථික පාඩුව ගණන් හදලා තියෙන්නේ බිලියන 200කට. එතකොට බලන්න මොනතරම් විනාශයක් ද වෙලා තියෙන්නේ කියලා. මේ අපිම ඇති කර ගත්ත ඒවා .” ඔහු සඳහන් කළේය.

ජේ අර් ජයවර්ධන ජනාධිපතවරයා කළු ජුලිය මැඩ පැවැත්වීමට කඩිනමින් නිසි ක්‍රියා මාර්ග නො ගත්තා පමණක් නොවේ කෙළින්ම ප්‍රචණ්ඩ සිදුවී වලට සම්බන්ධ ඇමතිවරුන් හට පියවර නොගෙන කිසිදු පදනමක් නැතිව ජනතා විමුක්ති පෙරමුණ සහ වාමාංශික පක්ෂ කීපයක් තහනම් කළේය.

ජේ අර් ජයවර්ධන තමන්ගේ කැබිනට් ඇමතිවරයෙකුට පවසා තිබුනේ ‘මම හිතුවේ දතක් ගැලවෙයි කියලා, එත් හක්කම ගලවලා ගියානේ යනුවෙනි.
.
හමුදා රථ පෙළකට ප්‍රහාර…

කළු ජුලිය ඇතිවීමට බලපෑ අසන්න හේතුව වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීමක්ය.

හමුදාව චාවකච්චේරියේ දී කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගේ සගයෙක් වූ චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත් කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් හමුදා ජීප් රියක්‌ සහ ට්‍රක්‌ රථයකට එල්ටීටීය විසින් ප්‍රහාර එල්ල විය.

සොල්දාදුවන් දහතුන් දෙනෙක් මරණයට පත්වූ අතර ඔවුන් ගේ දේහයන් බොරැල්ලේ කනත්තට ගෙන ඒමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යන්නට විය.

පළිගැනීමක් වශයෙන් දෙමළ ජනතාව සොයා යමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගත් අතර දෙමළ ජනතාවට රැකවරණ දුන් සිංහල සහ මුස්ලිම් බොහෝ දෙනාද සිටියහ. ඇඳිරි නීතිය පැනවුවත් එය ක්‍රියාත්මක නොවූ අතර ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් ඇතිවිය .

මහනුවර, මාතලේ ,නාවලපිටිය, බදුල්ල සහ නුවරඑළිය වැනි ප්‍රදේශ වල ප්‍රචන්ඩ ක්‍රියා පැතිර ගිය අතර අත්ම්තන් වල දෙමළ මිනිසුන් පණපිටින් ගිනි තබා මරණ ලදී . පිහි පොරෝ වලින් දෙමළ ජාතිකයින් කපා කොටා මරා දමන ලදී.

මෙම සිද්ධීන් වලින් සිදුවු අපකීර්තිමත් සිදුවීම් වලින් එකක් නම් වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ජුලි 25 වන දින සිදුවු මනුෂ්‍ය ඝාතනයයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි දෙමළ රැදවියන් 37 දෙනෙකු ඒ තුළම සිටි සිංහල සිරකරුවන් විසින් කැති පොලු ආදියෙන් පහරදී මරා දමන ලදී. 28 වෙනි දින සිරගෙදර තුළම දෙවැනි මනුෂ්‍ය ඝාතනයද සිදුවිය. එහිදී තවත් සිරකරුවන් 15 දෙනෙකු මිය ගියහ.

ක්‍රමයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙද්දී කොළඹ සිටි දෙමළ ජනතාව නැව් මගින් යාපනයට යවන ලදී. ජූලි දෙමළ ජන සංහාරය හේතුවෙන් මරණ හාර සීයකට වැඩි ගණනක් වාර්තා වූ අතර ලක්ෂයක් පමණ ඉන්දියාවට පලා ගියහ.

ඕස්ට්‍රේලියාව , බ්‍රිතාන්‍ය ,ජර්මනිය කැනඩාව ආදී රටවල් දෙමළ ජනතාව සරණාගතයින් ලෙසින් භාර ගත් හෙයින් ලොව පුරා ගොඩ නැගුනු ඩයස්පෝරාව අද වනවිට ගෝලීය වශයෙන් බලගතු කණ්ඩායමක් බවට පත්ව ඇත.

Related Articles