කෙලීට ගෙදර යන්න  කියන්නේ  ඇයි ?

කෙලීට ගෙදර යන්න කියන්නේ ඇයි ?

අරගලයට සහභාගී වීම හේතුවෙන් සිය වීසා කාලය අවලංගු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි සඳහන් කරමින් ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර් මෙනවිය දැන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කොට ඇත. ඇය තම වීසා කොන්දේසි කඩ කලාද නැතිද යන්න අධිකරණය විසින් විමසා බලනු ඇත. එහෙත් ඇය කඩ කළේ කවර නම් කොන්දේසියක්ද ? මේ පිළිබඳව තමන් දැනුවත් කොට නොමැති බවයි ඇය පවසන්නේ.

ඇය පෙන්වා දී ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුව තම වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බවටයි. පසුගිය මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බවයි.

රටකට යන සංචාරකයෙක් තමන් ඒ රට තුළ අසන දකින දේ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම වීසා කොන්දේසි කඩ කිරීමක්ද යන ප්‍රශ්නය මතුවී තිබේ. තමන්ව තම රටට පිටුවහල් කිරීම වලකාලන නියෝගයක් සහ තම වීසා කාලය අවලංගු කිරීම බල රහිත කරන නියෝගයක්ද ලබාදෙන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.

තමා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් ඉල්ලා ස්කොට්ලන්ත තරුණියක වන කිලී ෆීසර් (අගෝස්තු 12 වැනිදා) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළාය.

කිලී ෆීසර් මෙරට තුළ ආන්දෝලයට ලක්වූයේ ඇය අරගලය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇයගේ වීසා අවලංගු කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මගින් ඇය පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related Articles