මැටරඹ  කපුවා  කපෝති වෙයිද ?

මැටරඹ කපුවා කපෝති වෙයිද ?

උණවටුන, මැටරඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන මෙම සැකකාර කපුවා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. මොහු අත්අඩංගුවට නොගන්නැයි උසස් පොලිස් නිලධාරීන් බලපෑමේ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොරොන්දුවී තිබේ.

මැටරඹ ළමා අපයෝජනය, මුදල සහ බලපුළුවන්කාරකම එක්තැන් වීමෙන් අපරාධ නිර්මාණය වන ආකාරය පිළිබඳව හොඳ නිදර්ශනයකි. ඉහින් කනින් බේරෙන්නට සල්ලි ඇති මැටරඹ කපුවා තරුණ පිරිමි ළමුන් ආකර්ශනය කරගන්නේ වටිනා තෑගී බෝග ලබා දෙමිනි.

සැකකරු විසින් අපයෝජනය කළ ළමයින් ගාල්ල සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර පසුවන්නන් බව අනාවරණය වී ඇත.

සැකකාර කපුවා වරකට එක් දරුවෙකුට රුපියල් විසිපන්දහසේ සිට රුපියල් පනස්දහස දක්වා මුදල්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන සහ ටැබ් ලෝබ නැතුව ලබදී ඇත.

සැකකාර කපුවා මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනි නාලිකාවල ජ්‍යොතිෂ්‍ය වැඩසටහන්වලට නිතර සහභාගී වන අයෙක් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහු කොළඹට පැමිණෙන අවස්ථාවල, නාරාහේන්පිට හා අතුරුගිරිය යන ප්‍රදේශවල ඔහුට අයත් සුපිරි මහල් නිවාස දෙකකදී මෙලෙස ළමුන් අපයෝජනය කර ඇති බව අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන ඇත.

මොහු දරුවන්ට උදව් කරන මුවාවෙන් අපයෝජනය ආරම්භ කරන අතර පසුව එම දරුවන්ගේ මාර්ගයෙන් ඔවුන්ගේ මිතුරන් ද අපයෝජනය කරයි.

සෙත් ශාන්ති සිදුකර ගැනීමට මව්පියන් හා සමීප වී දරුවන් අපයෝජනය කළ අවස්ථාද පොලීසියට දැනගන්නට ලැබී ඇත. මොහු නිර්මාංශික පුද්ගලයෙකු ලෙස පෙනීසිටිමින් දසදෙනෙකු ගෙන් සමන්විත ආරක්ෂක හමුදාවක් නඩත්තු කරයි.

අපයෝජනයට ලක්වන දරුවන්ට විශාල වශයෙන් මුදල් වියදම් කරන හෙයින් බොහෝ තොරතුරු යටපත්වේ.

මැටරඹ කපුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු දකුණු පළාතේ උසස්ම පොලිස් නිලධාරීන් රැසක් සැකකරු නිදහස් කරන්නැයි නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති නමුත් විමර්ශනය මෙහයවූ නිලධාරීන් ඊට යටත්වී නැත.

අත්අඩංගුවට ගැනීම සැලවූ සැනින් උසස් නිලධාරියෙක් පොලීසියට පැමිණ කපුවා පොලිස් කූඩුවට නොදමා ඉන් පිටතින් තබන ලෙසට ද කියා සිටියත් එම උත්සාහය සාර්ථක වී නැත.

එමෙන්ම සැකකාර කපුවා දකුණු පළාතේ පොලිස් ස්ථාන රැසකට මාසිකව සන්තෝෂම් ලබාදෙන අතර දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙකුගේ භාවිතය සඳහා රියදුරෙකු ද සමග අධි සුඛෝපභෝගී වාහනයක් ද ලබාදී ඇති බව ප්‍රදේශීය වාර්තාකරුවන් පවසති.

මෙම විමර්ශනය හරියාකාරව පැවත්වුව හොත් එය මෑත කාලයේ ළමා අපහරණය පිළිබඳව සිදුකළ විශාලතම විමර්ශනය විය හැකි බව ප්‍රාදේශීය වාර්තාකරුවන් පෙන්වාදෙති.

මැටරඹ කපුවා ලබන 23 වෙනිදා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන විට තවත් බොහෝ කරුණු උසාවියට වාර්තා වෙනු ඇත.

Related Articles