හර්ෂගේ මුදල්  සභාපති කම  කොළ එළියක්ද ?

හර්ෂගේ මුදල් සභාපති කම කොළ එළියක්ද ?

රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට තේරීම් කාරක සභාවේ තීරණය නව දේශපාලන සන්හිදියාවක කොළ එළියක් විය හැකිය.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කිරීමේදී රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය ප්‍රබල තනතුරක් වන අතර හර්ෂ ද සිල්වා මීට පෙර එම තනතුරේ කටයුතු කිරීමට ඉල්ලා සිටියත් පොහොට්ටුව ඊට කැමති නොවීය.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාය ඔහු ඒ අවස්ථවේදී පසුවේ තමන්ද විපක්ෂය නියෝජනය කරන බවයි.

කෝප් ,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වල සභාපති ධූර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලීමක් කළේය.

ඒ අවස්ථාවේදී කතානායකවරයා ඊට එකඟත්වය පළ කළ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කෙසේ වෙතත් කෝප්, කෝපා ඇතුළු කමිටු රැසක සභාපති ධූර සඳහා මන්ත්‍රීවරුන් තවමත් පත් කර නොමැත. මෙම තනතුරු විපක්ෂයට ලබා දුනහොත් පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික සහභාගිත්වය වැඩි දියුණු වීමට ඉඩ ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය වාර අවසාන කිරීමත් සමග එහි පාර්ලිමේන්තු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගොස් ඇත.

Related Articles