කේතයට  වැඩ නොකළ  පිරවුම් හල් වලට  තෙල් තහනම්…….

කේතයට වැඩ නොකළ පිරවුම් හල් වලට තෙල් තහනම්…….

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ප්‍රමාණවත් ලෙස තෙල් ලබා නොදෙන පිරවුම් හල් වලට තෙල් ලබා දීම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අනුව ඉන්ධන පිරවුම්හල් 12 ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටුව ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තමන්ගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන වල අක්‍රමිකතා හොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිළි කොට ඇත.

ඉන්ධන පිරවුම්හල්වල ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජන පැමිණිලි අනුව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කිව්.ආර්. ක්‍රමවේදය භාවිතා කිරීම හේතුවෙන් පෝලිම් අඩුවී තොග රැස්කිරීම අඩුවී ඇති බව පිරවුම් හල් කළමනා කරුවන් පවසති.

ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (LIOC) විසින් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීමට ශ්‍රී ලංකාව අනුමැතිය ලබා දී ඇති අතර දැනට LIOC සතුව දැනටමත් ඉන්ධන පිරවුම්හල් 216ක් ඇති අතර එය පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන 2ක් (ඩොලර් මිලියන 5.5ක්) පමණ ආයෝජනය කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා රොයිටර් වෙත පැවසීය.

රජය විසින් පාලනය වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ඉන්ධන පිරවුම්හල් 1,190 ක් පමණ ක්‍රියාත්මක වේ.

Related Articles