ගුවන්  නියමුවන්  ඉහළ අහසේ  නිදා වැටී  මග වරද්දා  ගනිති…

ගුවන් නියමුවන් ඉහළ අහසේ නිදා වැටී මග වරද්දා ගනිති…

ගුවන් නියමුවන් දෙදෙනෙකු අඩි 37,000 (මීටර් 11,000) දී නින්දට වැටී ගුවන් තොටුපල ධාවන පථය පසුකර ගුවන් යානය ගමන් ගෙන ඇත.

ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපළට බැසීමේ ස්ථානය ඉක්මවා ගිය පසු ගුවන් ගැන පාලක මැදිරිය කලබල වී සම්බන්ධ වී නියමුවන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහයන් අසර්ථක වී ඇත.

අවසානයේදී ගුවන් නියමුවන් අවදි වී විනාඩි විසිපහකට පසුව ගුවන් යානය අඩිස් අබාබා ගුවන් තොටුපළට ගොඩ බස්සවා ඇත. Aviation Herald නම් ගුවන් යානා ගැන පිලිබඳව වාර්තා කරන සඟරාවට අනුව මෙම නියමුවන් ගුවන් යන ධාවන පථය ඉක්මවා ගිය පසු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්වී තිබේ.

ඉතියෝපියානු ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් කොට විමර්ශන අරම්භ කොට ඇත.

සඳුදා මගී ගුවන් යානය සුඩානයේ කාර්ටූම් ගුවන් තොටුපළෙන් පිටත් වූ අතර සාමාන්යයෙන් සුඩානයේ සිට ඉතියෝපියාවේ අඩිස් අබබා
කරළඟ වීමට පැය දෙකකට අඩු කාලයක් ගතවේ.

Boeing 737, ආසන 154 ක ධාරිතාවක් සහිත ගුවන් යානයකි.

ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් නින්දට වැටීම පිළිබඳව නියාමන පද්ධතියට අවසාන මොහොතට පෙර හොයා ගැනීමට නොහැකිවූයේ මන්ද යන්න පිළිබඳව විමර්ශනයේදී හොයා බැලීමට නියමිතය.

Related Articles