ගම්බීර්  සිංහ  කොඩිය  අතට  ගනී….

ගම්බීර් සිංහ කොඩිය අතට ගනී….

ශ්‍රී ලංකා කණ්ඩායම පස් වතාවක් ආසියානු කුසලානය දිනා ගැනීම් ම පුදුම සහගත කරුණක්ක් බව පැවසු ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන ගෞතම් ගම්බීර් ශ්‍රිලංකාවේ ජයග්‍රහණයෙන් පසුව සිංහ කොඩිය වනමින් කණ්ඩායමට සුභ පතා ඇත.

ගෞතම් ගම්බීර් ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ දක්ෂතා අවතක්සේරු කරමින් කල ප්‍රකාශ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක්ගේ දැඩි විවේචනයට ලක්විය.

ගෞතම් ගම්බීර් සිංහ කොඩිය වනමින් කියා සිටියේ ‘ශ්‍රිලංකාවේ කණ්ඩායමේ දක්ෂතා සුපිරි එකක්. ඇත්තෙන්ම මේ ජයග්‍රහණය ඔවුන්ට හිමියි යැයි පැවසීය.

මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත සුභවාදී අදහස් පළ කළේ විචාරකයින් කීපදෙනෙක් පමණි. ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සන්ජේ මන්ජ්‍රේකාර් ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට තමා හිස නමා ආචාර කරන බවයි.

බංග්ලාදේශ කණ්ඩායම් කළමනාකරු ක්‍රිස් ශර්වුඩ් පැවසුවේ ශ්‍රිලංකාවේ ජයග්‍රහණය සාමුහිකත්වයේ ප්‍රතිපලයක් බවයි.

මේ අතරවාරයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහනයට පිත්තෙන් ජවය ලබාදුන් භානුක රාජපක්ෂ මේ ජයග්‍රහණය යටින් දිවෙන සමාජීය කරුණු පිළිබඳව අපුරු කරුණු දැක්වීමක් කොට ඇත.

” අප තුලත් ආක්‍රමණශීලී ජවය ඇති බව ලෝකයාට පෙන්වීමට අපිට අවශ්‍ය වුනා – දශක කිහිපයකට පෙර, අපගේ පැත්තේ ආක්‍රමණශීලී ජවය තිබුනා , අපට අවශ්‍ය වූයේ කණ්ඩායමක් ලෙස යලිත් ඒ ජවය ගොඩනගා ගැනීමයි ” යැයි භානුක රාජපක්ෂ පැවසීය.

ආසියානු කුසලානය අත්පත් කර ගැනීමෙන් අනතුරුව තමන්ගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් කතා කළේය.

ලෝක කුසලානය දක්වා මේ ජවය පවත්වා ගැනීමට අපට අවශ්‍යයි. අර්බුදය ගෙයි දොරකඩට පැමිණී මේ මොහොත සියලුම ශ්‍රී ලාංකිකයින්ට දුෂ්කර කාලයකි, නමුත් අපි අපේ ජනතාවගේ මුහුණුවල සිනහවක් ගෙන ඒමට බලාපොරොත්තු වුනා. මුළු ජාතියටම; ඔවුන් මෙතරම් කාලයක් බලා සිටියේ මෙයයි. ”

Related Articles