කිසිදු  චෝදනාවක්  පිළිගන්නේ  නැහැ -දමිතා…..

කිසිදු චෝදනාවක් පිළිගන්නේ නැහැ -දමිතා…..

කිසිදු නීති විරෝධී කටයුත්තක් නොකල හෙයින් තමන් කිසිදු චෝදනාවකට වරද පිලි නොගන්නා බව ඇපපිට නිදහස් වූ දමිතා අබේරත්න පැවසුවාය.

භාෂණයේ ,ප්‍රකාශනයේ සහ උද්ගොගෝෂණයේ අයිතිවාසිකම් තමන් භාවිතා කල බවයි පැවසුවේ. පොලීසිය දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් අධිකරණයට වැරදි කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බව ඇගේ නීත්වේදීහු පැවසුහ.

නීතිවිරෝධී රැස්වීම්, නීති විරෝධී ලෙස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් දමිතා අබේරත්න අත්අඩංගුවට ගත් අතර ඇයට දින හතරක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවිය.

අරගලයට සම්බන්ධ දහසක් පමණ මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිති.

Related Articles