ලාම්පු -කලගෙඩි සෙල්ලමට  රනිල්ගේ සුදානමක් ?

ලාම්පු -කලගෙඩි සෙල්ලමට රනිල්ගේ සුදානමක් ?

මාස හයක කාලයක් තුල මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට නොහැකි වුවහොත් ජනමත විචාරණයක් පැවැත්වීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය හමු වූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

මේ සඳහා සියළුම දේශපාලන පක්ෂ වලට අවස්ථාව ලබාදී දේශපාලන එකඟතාවයන් ලබාගෙන කටයුතු කරන බවත්, දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනමත විචාරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සේ පෙනුනද මැතිවරණ කල් දැමීම සඳහා එය යොදා ගැනීම අහිතකර ප්‍රතිපල ගෙනදෙන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

1982 දී ජනමත විචරණයක් පවත්වා, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර හයකින් දිගු කිරීමට ජේ ආර් ජයවර්ධන කටයුතු කල අතර මේ හේතුවන්
ජනතාව තමන්ගේ දේශපලන නිදහස අහුරා ගත්‍ බවට අදහස් පල වී ඇත.

සාමාන්‍ය ලෙසින් මහා මැතිවරණයන් පැවැත්වුවහොත්, ජේ ආර් ජයවර්ධනගේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුල භූක්තිවිඳිමින් සිටි අතිමහත් සුපිරි-බහුතරය අහිමි වීමේ අවදානමක් තිබු හෙයින් පාර්ලිමේන්තුව ඒ ලෙසින්ම තබා ගනිමින් එහි ආයු කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවත්වීමට ඔහු කටයුතු කළේය. එක්තරා ආකාරයකට මෙය සුදුවක් විය. එහෙත් ජේ ආර් ජයවර්ධන එයින් දිනුවේය. ජනතාවගෙන් සීයට පනස් හතරක් මැතිවරණය කල් දැමීම සඳහා අනුමැතිය ලබාදී සුදුවේ ජයග්‍රහණය ජේ ආර් ඇතුළු පාලක එක්සත් ජාතික පක්ෂයට ලබාදුන්හ.

Related Articles