දමිතා  බැලීමට ගිය හිරුනිකා රිමාන්ඩ් එකේ තත්වය ගැන හෙළිදරව්වක….

දමිතා බැලීමට ගිය හිරුනිකා රිමාන්ඩ් එකේ තත්වය ගැන හෙළිදරව්වක….

අරගලයේ ක්‍රියාකාරිනියක වන දමිතා අබේරත්න මහත්මිය බැලීමට ගිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන්නේ ඇයට පොලීසියට අසභ්‍ය වචනයෙන් බැනීම පිළිබඳව චෝදනා එල්ල කොට ඇති බවයි.

තමන් දන්නා දමිතා අබේරත්න ඉතා සංයමයෙන් කටයුතු කරන් බවයි හිරුනිකා පවසන්නේ. මේ වන විට මරණීය දණ්ඩනය නියමවූ කාන්තාවන් සිව් දෙනෙක් සමඟ ඇය රඳවා ඇති බවත් නරක් වූ අහාර ලබාදීමේ හේතුවෙන් ඇය අසනීප තත්වයේ පසුවෙන බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

හිර ගෙදර අහාර වල අපිරිසුදු බව සහ කෑමට නුසුදුසු බව පිළිබඳව රන්ජන් රාමනායක මහතා පැවසු සියල්ල සත්‍ය බවත් දැන් ඇත හෝදපු ඉඳුල් වතුර ,නරක වූ පරිප්පු සහ පණුවෝ ගහපු බණ්ඩක්කා තමන්ටත් ලැබෙන බව දමිතා හිරුනිකාට පැවසුවාය.

Related Articles