ප්‍රසම්පාදන  ආරවුල්  නිසා  ලක්විජය බලාගාරයට  ගල්අඟුරු ප්‍රමාද වෙයිද ?

ප්‍රසම්පාදන ආරවුල් නිසා ලක්විජය බලාගාරයට ගල්අඟුරු ප්‍රමාද වෙයිද ?

ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ වැඩපිළවෙල දුෂිත බවට නැගී තිබෙන චෝදනා පිළිබඳව අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු ප්‍රතිචාර දක්වා තිබේ. අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු පවසන්නේ , ඔවුන්ට එල්ලකර ඇති චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට තීන්දුවක් ලබා දෙන්තෙක් කරන තෙක් ගල් අඟුරු ලබා දිය නොහැකි බවයි.

වෙනත් ක්‍රියාමාර් ග…

මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පොරොන්දුවී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ප්‍රසම්පාදන කටයුතු නිසිව සිදුව ඇති බවත් මේ පිළබඳව විමර්ශනයක් කිරීම ගැටළුවක් නොවන බවයි.

දේශපාලන හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ගල්අඟුරු ප්‍රසම්පාදනය ක්‍රියාවලියට එර්හිවන් පිරිසක් සිටින බවත් මේ පිරිසට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් ඇතිබව විදුලිබල හා බලශක්ති අමත්‍යංශය කැඳවූ සාකච්ඡාවේදී අවධාරණය වී තිබේ.

පාර්ලිමේන්තු කාරක සභා විමර්ශනයක් සඳහා සුදානමක් තිබියදී විදුලිබල හා බලශක්ති අමත්‍යංශය සැපයුම්කරු සමඟ සාකච්ඡා පවත්වමින් වෙනත් ක්‍රියාමාර්ග වෙත යොමුවීමට කටයුතු කරන්නේ ඇයිද යන්න මාධ්‍යවේදීහු ප්‍රශ්න කරති.

Related Articles