සංචිතය  පල්ලම බසිද්දී   ධම්මික පෙරේරා  ඩොලර්  ගෙනෙන  යෝජනා…

සංචිතය පල්ලම බසිද්දී ධම්මික පෙරේරා ඩොලර් ගෙනෙන යෝජනා…

2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ.

මේ අතර මෙම නිල සංචිත වත්කම් ඩොලර් මිලියන 1,619 ක් දක්වා අඩු වී ඇත. එය 5.3% ක අඩු වීමකි.

මේ අතර වාරේ රනිල් වික්‍රමසිංහ අසාර්ථකමුදල් ඇමතිවරයෙකු බව පැවසූ ව්‍යාපාරික ධම්මික පෙරේරා යලිත් ඇමති තනතුරක් බලාපොරොත්තුවෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වලින් දන දන්නට තිබේ.

මේ මෙහයුමේ කොටසක් ලෙස වසරකට ඩොලර් බිලියන 8 ක අමතර විදේශ විනිමය ගලා ඒමක් උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාකාරී සැලැස්මක් ඔහු විසින් මීට දිනකට ඊට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන් මේ තාක් ප්‍රතිචාර පල වී නැත. ධම්මික පෙරේරා පවසන න් ආකාරයට මෙම උපාය මාර්ග 12 සඳහා රජයට අතිරේක ප‍්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සිදු නොවේ.

ධම්මික පෙරේරා ගේ උපාය මාර් ග…

*ශ‍්‍රී ලංකාව තුල වසර 10ක් සඳහා ඇමරිකානු ඩොලර් 100,000ක් බැංකු වල තැන්පත් කරන විදේශ පුරවැසියන් සඳහා වසර 10 ක නේවාසික වීසා බලපත‍්‍රයක් නිකුත් කිරීම.

* මාසයක වලංගු කාලයක් සහිත සංචාරක වීසා බලපත‍්‍රයක් වෙනුවට මාස 6 ක වලංගු කාලයක් සහිත සංචාරක වීසා බලපත‍්‍රයක් නිකුත් කිරීමට අවසර ලබා දිය යුතුය.
* විදේශයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් හේතුවෙන් දැනට මෙරටින් ගලා යන ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක විදේශ විනිමය 20% කින් අඩු කිරීම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ඉතිරි ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව, ලංකාවට ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක විදේශ විනිමය උපාය ගැනීමටද හැකියාව ලැබේ.

* සංක‍්‍රමණික සේවකයින් විසින් මාසිකව ලංකාවට එවනු ලබන මුදල් ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් 290 සිට ඇමරිකානු ඩොලර් 1,000 දක්වා වැඩි කිරීම.

* තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ඉපැයීම් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 5ක් උත්පාදනය කිරීම.

* ඇමරිකානු ඩොලර් බිලියන 2ක් උපයා ගැනීමට අඩු වියදම් (budget) ගුවන් සේවා මධ්‍යස්ථාන පිහිටුවීම.
තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල සංචාරක පැමිණීම් වලින් 50% ක් අඩු වියදම් (Budget) සහිත ගුවන් ගුවන් යානා මඟින් පැමිණේ.

* පොල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක ආදායමක් උපයා ගැනීම.
වාර්ෂිකව පොල් පැළ මිලියන 1.5 ක් සිටුවනු ලැබේ. වසර 5 ක වැඩසටහනක් හරහා අමතර නව පැළ මිලියන 20 ක් සිටුවිය හැකිය. සෑම වසරකම අමතර පැළ මිලියන 4 ක් සිටුවීමෙන් මෙය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේ.
එහි ප‍්‍රතිඵලයක් ලෙස පොල් ගෙඩි බිලියන 1.2 ක අමතර අස්වැන්නක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව සැලසේ. එක පොල් ගෙඩියක් ආශ‍්‍රිත අපනයන භාණ්ඩයක් ඩොලර් ශත 0.50 ක අපනයන මිලකට අලෙවි කරන්නේ නම්, පොල් ගෙඩි බිලියන 1.2කින් අපට ඩොලර් මිලියන 600ක ආදායමක් උපයා ගත හැකි වේ.

*ඇමරිකානු ඩොලර් වලින් පොලී ඉපයීම සඳහා බාහිර ගෙවීම් ඇමරිකානු ඩොලර් වලින් තැන්පත් කළ හැකිය.
ලාභාංශ ගෙවීම්, ගුවන් සහ මුහුදු ප‍්‍රවාහන ගාස්තු, සංචාරක, ඉදිකිරීම්, රක්ෂණ, විදුලි සංදේශ, අනිවාර්ය ගාස්තු (Royalty fee) සහ පරිගණක සේවා ගාස්තු වැනි බාහිර ගෙවීම් ඇමරිකානු ඩොලර් බවට පරිවර්තනය කිරීම සහ තැන්පතු කිරීම කළ හැක.

* නොරොච්චෝලේ සහ සාම්පූර්හි සූර්ය හෝ ගල් අඟුරු මඟින් බල ගැන්වෙන නව බලාගාර සඳහා පුද්ගලික අංශයට ආයෝජනය කිරීමට ඉඩ සලසා දීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.

* පාම් තෙල් වලින් ඩොලර් මිලියන 200 ක් ඉතිරි කර ගැනීම.
ශ‍්‍රී ලංකාව තුළ පාම් තෙල් ගස් සිටුවීමේ තහනම ඉවත් කළහොත් දැනට මෙරටින් පිටවන ඩොලර් මිලියන 200 ක ප‍්‍රමාණය ඉතිරි කර ගත හැක.

ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර සහ ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 6ක හිඟයක් පවතී. යෝජිත ප‍්‍රධාන ක‍්‍රමෝපායන් 12 ක‍්‍රියාවට නැංවීම මඟින් වාර්ෂිකව ඩොලර් බිලියන 8 ක අතිරේක ආදායමක් උපයා ගත හැකිය.

Related Articles