ගල් අඟුරු  මගඩි  ගැන  ඇමති  කාංචනගේ ඉල්ලීමෙන් හර්ෂ  පරීක්ෂණ අරඹයි…

ගල් අඟුරු මගඩි ගැන ඇමති කාංචනගේ ඉල්ලීමෙන් හර්ෂ පරීක්ෂණ අරඹයි…

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා කීපදෙනෙකුත ඩොලර් හිමිවෙන බව විපක්ෂ නායක සජිත් පේමදාස මහතා පැවසීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයේ මුදල් කාරක සභාවේ පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාරයක් ලැබී තිබේ.

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා තමන් කථානායකවරයා හා විගනකාධිපති සමග සාකච්ඡා කළ බවත් මේ පිලිබඳව ඉක්මන් පරීක්ෂණයක් කරන බවත්ය.

තමන් විගනකාධිපති හා විදුලි බල හා බලශක්ති අමාතයාංශයේ ලේකම්වරයා හමුවී අදාළ ක්‍රියාවලිය පිළිබඳව වහාම විගණනයක් කරන ලෙස උපදෙස් දෙන බවත් ආචාර්ය හර්ෂද සිල්වා පැවසීය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ය සඳහා තත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව චෝදනා නැගී තිබින.

Related Articles