දුප්පතුන් පාරට  බැස්සොත්  ලේ වැගිරීමක් -මහ බැංකු අධිපති…..

දුප්පතුන් පාරට බැස්සොත් ලේ වැගිරීමක් -මහ බැංකු අධිපති…..

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මැති ඇමතිවරුන් පිරිසක් අමතමින් වැදගත් අනතුරු ඇඟවීමක් කළේය.

“උද්ධමනයේ ප්‍රතිඵලය එන්නේ කාලයක් ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුගත කීරිමට එකඟතාවයකට ඇවිල්ලා IMF එකත් එක්ක යම්කිසි ආකාරය වැඩපිළිවෙළකට ගිහිල්ලා. යම්කිසි ආකාරයකට විදේශ විනිමය තාවකාලිකව හෝ අවුරුදු දෙක තුනක් ලබාගෙන ණය ගෙවීම කල් දාලා රටට යම් කිසි කිසි space එකක් ගන්න ඔනේ මේක නැවත back to normal එන්න. ඉදිරි මාස තුන යම්කිසි ආකාරයක පහසුකමක් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි අපි අර import restrictions දාලා තියෙන්නේ. ඒ මාස තුන හතරක කාලය ඉදිරියේදී පහසුවෙන්නේ නැහැ.” යැයි පවතින තත්වය විග්‍රහ කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේ දුප්පත් අඩු ආදායම් අය ජීවත් වීමට නොහැකිව පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමෙන් කෙළවර වන බවයි.

ළඟ එන මහ ආර්ථික සුළි සුළඟ ගැනත් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ, “ඊට අමතරව ඉකනොමික් ක්‍රන්ටැක් එකට අමතරව අපිට තෙල් මිල වැඩි කරන්න වෙනවා. ඉලෙක්ට්‍රිසිටි ගාස්තු වැඩි කරන්න වෙනවා වතුර බිල වැඩි කරන්න වෙනවා. ඒවා මෙච්චර කල් කරන්නෙ නැතුව තිබිලා දැන් හිර වෙලා නොකර බැරි තත්ත්වෙට ඇවිල්ලා තමයි දැන් කරන්න වෙලා තියෙන්නෙ.”

මහබැංකු අධිපතිවරයාට අනුව පසුගියදා ඇතිවුයේ ආණ්ඩුකරණය පිළබඳ රැල්ලකි නැති බැරිකම ගැන ඇතිවෙන රැල්ල ඊට වඩා බෙහෙවින්ම වෙනස්ය.

“මේ වගේ ක්‍රයිසිස් එකකදී මුලින්ම ආරක්ෂා කරන්න ඔනේ Bottom of the Pyramid. (Pyramid එකේ) Bottom එකේ ඉන්න අඩු ආදායම්ලාභී අය. මොකද ඒ මිනිස්සු පාරට බහිනවා ඊළඟට. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වුණාම මිනිස්සු ඕනම දෙයක් කරනවා. එතකොට එහෙම රැල්ලක් තාම අපේ රටේ ඇවිල්ල නෑ. ආවෙත් නෑ. පහුගිය කාලයේ අරගලය කියලා ආවේ වෙන රැල්ලක් ඒක නිකන් වෙන ගවර්නස් ඊෂුස් වලට හා වෙන වෙන (දේශපාලනික) දේවල්වලට ආපු එකක් මිසක් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැරිව ආපු එකක් නෙවෙයි”.

Related Articles