ගෙවිඳු ගේ අර්ථ සාධක ප්‍රශ්න කිරීම

ගෙවිඳු ගේ අර්ථ සාධක ප්‍රශ්න කිරීම

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සම්බන්ධයෙන් තමන්ගේ ගරුත්වයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහ බැංකු අධිපතිවරයා ගේ මුහුණටම පැවසුවේ පාර්ලිමේන්තු කරක සභාවට පැමිණි අවස්ථාවේදීය .

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සේවක අර්ථ සාධක අරමුදල්වල ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කළේය . අර්ථ සාධක මුදල් කිසිසේත් මහ බැංකුව සතු වූවක් නොවේ. එහෙත් ඒවා ආයෝජනය කිරීමෙන් මහ බැංකුව විශාල වත්කමක් ලබාගනී. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පැවසූ පරිදි සේවක අර්ථ සාධක අරමුදල් හිමි ජනතාවට 9%ක් ගෙවද්දී මහ බැංකුව පමණක් එහිදී එම අරමුදල් සඳහා 29.2% ක් ලබාගැනීම යුක්තිසහගත නොවේ.

සේවක අර්ථ සාධක අරමුදල් භාරය ආයෝජනය කර උපයාගත් ලාභයෙන් බිලියන 21ක මුදලක් ඒවා හිමිකරුවන්ට ලබානොදීම ගැන ද ගෙවිඳු මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය .

සමස්තයක් ලෙස ගත කළ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිස තමන්ගේ වැටුප් අත්තනෝමතිකව වැඩිකිරීම පිළිබඳව ලිස්සා යාමට මග පාදා ගත් බවයි මුල්‍ය විශ්ලේෂකයින් පවසන්නේ .

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට කුමක් පැවසුවත් නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසට ඉතා ඉක්මනින් අර්ථ සාධක හිමියන් හට පිළිතුරු දීමට සිදුවෙන බව දැනගන්නට තිබේ.

 

Related Articles