පොහොට්ටුව හිරවෙලා

පොහොට්ටුව හිරවෙලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්නේද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිල් බෙදීමක් ඇතිවී තිබේ .

ප්‍රසන්න රණතුංග පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කිරීමට ප්‍රමාද වීම ඉතා අවාසිදායක තත්වයක් ඇති කරන බවයි .

රාජපක්ෂ පවුල ඇතුලත කතිකාවත වී තිබෙන්නේ තමන් ගේ පවුලේ බල ආධිපත්‍ය දියාරු කිරීමට දිය යුතු නැති බවයි

බැසිල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු බව පවසන ආසන සංවිධායකයින් රැසක්ද සිටිති . ඔවුන්ගේ තර්කය වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබා දුනහොත් ඉදිරි මැතිවරණයකදී තරඟ කිරීමේ අවස්ථාව ගිලිහීයා හැකි බවයි . එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට වැඩි ඉඩක් ලැබෙන බවයි ඔවුන් තර්ක කරන්නේ .

මැතිවරණ ජය පරාජය කෙසේ වෙතත් මැතිවරණයකට තරඟ කිරීමත් හොඳ ධනෝපායන මාර්ගයක් බව ප්‍රසිද්ධ රහසකි.
තීරණයකින් තොරව

පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පසුගිය 07 වැනිදා පස්වරු 7 ට පමණ මහින්ද ,බැසිල් සහ රනිල් සන්ධානගත වීම පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කොට ඇතත් කථා අවසන් වී ඇත්තේ තීරණයකින් තොරවය .
රයිගමයා සහ ගම්පලයාගේ ගනු දෙනු

පෞද්ගලීකරණය සහ බලය බෙදීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන වැඩපිළිවෙල තම ඡන්ද පදනමට ගැටළුවක් විය හැකි බව රාජපක්ෂවරුන් විසින් පෙන්වා දී ඇති අතර එසේ නොකොට මැතිවරණ ජයග්‍රහනයක් ලබා ගත නොහැකි බව රනිල් වික්‍රමසිංහ විසින් පවසා ඇත .

දේශපාලන විචාරකයින් පවසන්නේ රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරුන් අතරේ ශීතල යුද්ධයක් පවතින බවයි. මේ දෙපාර්ශවයම තමන් ඇතැති බලය හුවමාරු කර ගැනීමට පෙර දස අතේ කල්පනා කරමින් සිටින්නේ රයිගමයා සහ ගම්පලයාගේ ගනු දෙනු සිහිපත් කරවමිනි

කෙසේ වෙතත් කරන්නේ කුමක්දැයි ඉක්මන් තීරණයක් ගත යුතු තැනකට දෙපාර්ශවයම පත්ව සිටිති .තමන් සමඟ කව්රු හිටියත් නැතත් තනි අලියා තියරියෙන් වැඩට බැසීමට රනිල් සුදානම් බව පෙනෙන්නට තිබේ . තනි අලියා හැරෙන පැත්ත නිශ්චය කිරීම දුෂ්කර විය හැකිය.මේ නිසාම පොහොට්ටුවට තීරණයක් ගැනීම දුෂ්කර වී ඇත

Related Articles