ගෝඨාභය ගේ පැමිණීම  ජත්‍යන්තර  පුවත් සිරස්තල මවයි…..

ගෝඨාභය ගේ පැමිණීම ජත්‍යන්තර පුවත් සිරස්තල මවයි…..

ලෝකයේ ප්‍රධාන පුවත් සේවා සියල්ලම පාහේ සෙනසුරාදා මැදියමට ආසන්නයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලට පැමිණි විගස පුවත් වාර්තා කළහ.

ඇමරිකාව මුලස්ථාන කරගත් සී එන් එන් මාධ්‍ය ජාලය සහ ලන්ඩන් මුලස්ථාන කරගත් බ්‍රිතාන්‍යයේ බීබිසි මාධ්‍ය ජලය මෙන්ම රොයිටර් සහ සහ ප්‍රංශ පුවත් සේවාව මේ පුවත පැයකට අඩු කාලයක් තුල මේ පුවත වර්තා කල අතර කටාර් මුලස්ථාන කරගත් අල් ජසීරා මාධ්‍ය නාලිකාව කොළඹ වාර්තාකාරිනි මිනෙල් ෆ්ර්න්නැන්ඩෙස් සමඟ සජීවී සංවාදයක් පැවැත්වූ අතර ඇය පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලංකාවට පැමිණීමෙන් පසුව ඔහුට සැනසිලිදායක බවක් දැනෙන බවයි.

බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය ‘අපකීර්තියට පත්වූ ‘ පලා ගිය’ ආදී විශේෂන පද යොදමින් හිටපු ජනාධිපතවරයා හඳුන්වා ඇති අත‍ර රසායනික පොහොර තහනම නිසා අස්වැන්න අඩුවීම, දුර්වල මුල්‍ය කලමණාකරණය, දුෂණ මැඩලීමට නොහැකිවීම ආදී දුර්වලතා ඉස්මතු කොට ඇත.

ආසියානු රටවල් තුනකට සංචාරය කළේ ඇයිද යන්න හෝ ඔහු දැන් ආපසු පැමිණීමට තීරණය කළේ මන්දැයි ඔහු තවමත් පැහැදිලි කර නැති බව සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ ගේ පැමිණීම සම්බන්ධයෙන් අරගලකරුවන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද ? යන්න පිළිබඳවත් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්න කොට ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ ආකල්පය කුමක් විය හැකිද යන්න පිළිබඳවත් ජාත්‍යන්තර මධ්‍යයේ අවධානය යොමු වී ඇත.

රටින් පිටවී සිටි අවස්ථාවේදී දැරීමට සිදුවූ වියදම් පිළිබඳවත් ජාත්‍යන්තර මධ්‍යයේ අවධානය යොමු වී ඇත. රොයිටර් විසින් උපුටා දක්වන ලද මූලාශ්‍රයකට අනුව, පුද්ගලික ජෙට් යානයක්, වෙන් කරන ලද හෝටල් පහසුකම් සහ ආරක්ෂාව ඇතුළුව විදේශයන්හි ඔහුගේ ජීවන රටාව නඩත්තු කිරීමේ පිරිවැය ඩොලර් සිය දහස් ගණනක් දක්වා ඉහළ ගොස් ඇත.

පොදුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විවිධ චෝදනා එල්ල කෙරෙතත් ඔහු ඔහුගේ පාර්ශවයේ ප්‍රතිචාර දැනට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි.

අද දවසේ ලෝකයේ සෑම රටකම පාහේ ජත්‍යන්තර රූපවාහිනි මාධ්‍ය පුවත්ප්‍රකාශ වල ගෝඨාභය රාජපක්ෂ ගේ පැමිණීම ලන්ඩන්, ඩුබායි, කටාර් සිඩ්නි ,නවදිල්ලිය සහ පැරිස් නගර වලින් ලංකා නිව්ස් ලයින් කළ විමසුම් වලින් හෙළිවිය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය උනන්දුව දෙස බලන විට තවත් සෑහෙන කාලයකට ඔහු පුවත් සිරස්තල මවන්නෙකු වීමට ඉඩ ඇත.

Related Articles