ගෝඨාභය රාජපක්ෂ කොළොඹ  හතට….

ගෝඨාභය රාජපක්ෂ කොළොඹ හතට….

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය සිංගප්පුරු ගුවන් සේවා යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මැදියම් රාත්‍රියට ආසන්නව පැමිණියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා පැමිණියහ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට පමණ යළි දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සහ ඔවුන් හා දිගටම සිටි. හමුදා ආරක්ෂක නිලධාරීන් දෙදෙනාද පැමිණි සිටි බවයි ගුවන් තොටුපල නිලධාරීන් පවසන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වෙනත් ගමනාන්තයන් කර යෑමට ඔහු ගත් උත්සහයන් අසාර්ථක වූ බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබින.

හිටපු ජනාධිපතිවරයාට කොළඹ හත මලලසේකර මාවත ප්‍රදේශයේ අමාත්‍ය වරුන් වාසය කරන ප්‍රදේශයේ රජයේ නිවසක වාසය කිරීමට පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ.
ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිද වෙසෙන මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිනෙන්නේද යන්න දැනගැනීමට නැත.

ආරක්ෂාවට යම්කිසි තර්ජනයක් ඇත්නම් එම තත්වය තක්සේරු කොට කිරීමට සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය පරිදි ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම ජනාධිපති වික්‍රමසිංහ වෙත නිර්දේශ කර ඇත.

Related Articles