ගෝඨාභය -රනිල් සමඟ සබඳතා පවත්වාගෙන යයි….

ගෝඨාභය -රනිල් සමඟ සබඳතා පවත්වාගෙන යයි….

පරිපාලනමය පැවරීමේ ගැටළු සහ අනෙකුත් රජයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වික්‍රමසිංහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යන බව wall Street Journal පවසයි.

එසේ සම්බන්ධතා පවත්වාගෙන ගියත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවත් එය දේශපාලන ආතතීන් ඇවිලවිය හැකි බවත් රනිල් වික්‍රමසිංහ wall Street Journal ප්‍රකාශනයට පැවසීය.

“ඔහු නැවත පැමිණීමට කාලය මෙය යැයි මම විශ්වාස නොකරමි,” වික්‍රමසිංහ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. “ඔහු ඉක්මනින් ආපසු එන බවට මට කිසිදු හෝඩුවාවක් නැත.”යැයි ජනාධිපතිවරයා පවසයි.

මේ මොහොතේ දේශපාලන ආතතීන් අවම කරගැනීමේ අපේක්ෂාවක් වික්‍රමසිංහ තුල ඇති බවයි විචාරකයින් දක්වන්නේ.

මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සිංගප්පුරු වීසා අවසරය අතිරේක සති දෙකකින් දීර්ඝ කොට ඇත.

ජුලි දාහතර වෙනිදා සිංගප්පුරුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා යළිත් ශ්‍රීලංකාවට පැමිණීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

Related Articles