ගෝඨා විශිෂ්ටයි- පොහොට්ටුව…..

ගෝඨා විශිෂ්ටයි- පොහොට්ටුව…..

බලය සහ තනතුරු අත්හැරීම දුෂ්කර කටයුත්තක් වන නමුත් ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ දුෂ්කර අභියෝගයට ඉතා හොඳින් මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

“එදා මෙදා තුර ඉතිහාසයේ මෙරට කිසිදු විධායක ජනාධිපතිවරයකු සිය ධුර කාලය නිමවීමට පෙර බලය අතහැර තනතුරෙන් නික්ම ගොස් නැත. සැබවින්ම එය දුෂ්කර තීරණයකි.” ධුර කාලයෙන් හරි අඩක් ඉතිරිව තිබියදී ඔහු නික්ම ගිය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැඩි දුරටත් සදහන් කරයි.

තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර කොවිඩ් වසංගතයෙන් රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂට තිබු බවයි පොදුජන පෙරමුණ පවසන්නේ.

රණ විරුවෙකු , රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයෙකු සහ ජනාධිපති ලෙසත් ගෝඨාභය රාපක්ෂ ඉටු කළ සේවය පිළිබඳ සංවාදයක් නිර්මාණය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Related Articles