චන්ඩි නාගරික මන්ත්‍රිනිට කුණු  බිත්තර…

චන්ඩි නාගරික මන්ත්‍රිනිට කුණු බිත්තර…

මහ නගර සභාවේ මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාට ඊයේ ඇසැබි වදනින් බැණවැදි සෙරෙප්පු පහර දුන්
පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මියට සැර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලවී ඇත.

අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාර එල්ල කරද්ද්දී පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයට දිව ගොස් ඇත. මේ අවස්ථාවේදී දැඩි විරෝධයක් මැද්දේ පොලිසිය මැදිහත්ව ඇය බේරාගෙන ගොස් ඇත.

මෙම සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රිවරියගේ ප්‍රකෝපකාරී හැසිරීම් පිළිබඳව නගර සභා සේවකයින් විරෝධය පල කොට ඇත. මන්ත්‍රිවරිය නිල කාමරයේ සිටියදී ඇය අසුන් ගෙන සිටි පුටුව සමගින් උස්සා ගෙන පහත මාලය වෙත රැගෙන එමට සේවකයන් කටයුතු කර ඇත.

පසුව ඇය හඬා වැටී නාගරික කොමසාරිස්වරයා ගෙන් සමාව ඉල්ලා සිටියද ගැටළුව සමථයකට පත් නොවීය.

සේවකයන් පිරිසක් මන්ත්‍රිවරිය නගර සභාවේ කැලිකසල අදින ට්‍රොලියක පටවා නගර සභාවෙන් පිටතට රැගෙන යාමට උත්සහා කළත් කාන්තා පොලිස් නිලධාරිණියන් පිරිසකගේ මැදිහත්වීම හේතුවෙන් මන්ත්‍රීවරිය පොලිස් කැබි රථයකින් හු හඬ මැද පිටව ගියාය.

Related Articles