සරත් ෆොන්සේකා  අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටී…

සරත් ෆොන්සේකා අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටී…

ආණ්ඩු විරෝධී අරගලය ගාළු මුවදොරට පමණක් සීමාවී නැති බවත් මුළු මහත් ජනතාවම අරගලයට එක්ව සිටින බව සරත් ෆොන්සේකා හදිසි නීතී විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

ලබන නමවෙනිදා සියලු දෙනා සමඟ එක්වී අරගලයේ අවසන් සටන දියත් කරන බවයි සරත් ෆොන්සේකා ප්‍රකාශ කලේ.

කවර වෙනස්කම් තිබුනද අරගලයේ දරුවන් එක්සත් විය යුතු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ. හුදෙක් පාර්ලිමේන්තු පුටු මාරුවකින් ගැටළු විසඳිය නොහැකි බවත්, රාජපක්ෂවරුන්ගේ වැඩ පිළිවෙල තවමත් ක්‍රියාත්මක වෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අවි ආයුධ හෝ පොලු මුගුරු ගෙන අරගලේ දරුවන්ට පහර නොදෙන්නැයි සරත් සරත් ෆොන්සේකා ආරක්ෂක හමුදාවලින් ඉල්ලා සිටියේය.

නිරායුධ ජනතාවට පහර දුනහොත් නිසැකයෙන්ම ජාත්‍යන්තරය ඊට ප්‍රතිචාර දැක්විය හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ගුවන් යානයක් ඇතුලතදී දානිෂ් අලි තරුණයා අත්අඩංගුවට ගත් ආකාරය පිළිකුල් සහගත බව පැවසූ සරත් ෆොන්සේකා පොලිසියට කියා සිටියේ දේශපාලඥයින්ගේ උවමනාවන් ඉටු කිරීමට ගොස් තමන්ගේ අනාගතය අඳුරු නොකර ගන්නා ලෙසයි.

ජනාධිපති මන්දිරයේ චිත්‍ර ආදියට සිදුවී ඇති හානි පිළිබඳව මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැනි විරෝධතාවකදී හානි සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් අරගලකරුවන් කටයුතු කළේ චිත්‍ර වලට වැඩි යමක් බේරා ගැනීමට බව අමතක නොකළ යුතු බවයි.

Related Articles