අරගලයට රාජ්‍ය  බිඳ වට්ටන්න  දේනේ නැහැ -විමල් වීරවංශ…

අරගලයට රාජ්‍ය බිඳ වට්ටන්න දේනේ නැහැ -විමල් වීරවංශ…

බාහිර පාර්ශවයන් රාජ්‍ය බිඳ වැට්ටීම සඳහා ජනතාවගේ සාධාරණ වේදනාව භවිතා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. යම් පිරිසක් විසින් රාජ්‍ය සිතා මතා බිඳවැටීමකට ලක්කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයතන ගණනාවක්ම විදේශ ආධාර ලබමින් අරාජිකවාදය පතුරවමින් සිටින බවයි.

“ගෝඨාගෝ හෝම්” කියලා තමා මේ සටන පටන් ගත්තේ. ඒ සටනට සමාජයේ යම් අනුමැතියක් ලැබුණා ඇති වී තිබුණ පීඩාකාරී තත්ත්වය හේතුකොට ගෙන. සහ ඒවට කඩිනම් විසඳුම් ලැබෙන බවක් නොපෙනෙන කොට. ඒ හේතුව මත මහා ජනසන්නිපාතයක් විසින් අරගලය ගෙනිච්චා. හැබැයි අපි හිතුවේ ගෝඨාගෝ හෝම් උනාම ඒක ඉවරවෙයි කියලා. දැන් බැලුවහම එහෙම නෑ. යකෝ මේක මලකෝළමක් නේ. ගෝඨාගෝ හෝම්, රනිල් ගෝ හෝම් ඊට පස්සේ දිනේෂ් ගෝ හෝම් ඊට වඩා ලේසියි කාවද ඕනේ කියන එක.”

ඇමරිකානු තානාපතිවරිය සතියකට තුන්වරක් පමණ හිටපු ජනාධිපතිවරිය හමුවී මානසික බැරියර් දමාගත් බවත් අවසානයේදී ඔහුට ඇමරිකාව පිටුපෑ බව විමල් වීරවංශ පැවසීය.

” මෙතැන තියෙන්නේ රාජ්‍ය බිඳවැට්ටවීම. ඒකට ඉඩදෙන්න බෑ. මම විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් කොහේ හිටියත් ඒකට ඉඩදෙන්න කියලා මම කියන්නේ නෑ. ඒක කරනවානම් ඒක මහා පාපයක්. මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕනේ නෑ. මට මගේ රාජ්‍ය ඕනේ. මේ ආර්ථික අර්බුදයෙන් බැටකාලා ගොඩඑන දවසට රාජ්‍ය තියෙන්න ඕනේ. මේ යන්නේ වෙනදේකට. රාජ්‍ය දේපළ අත්පත්කර ගන්න එක සාමකාමී ද? යැයි වීරවංශ ප්‍රශ්න කළේය.

වීරවංශට පසුව කථා කල කුමාර වෙල්ගම පැවසුවේ ත්‍රස්තවාදී නායකයින් දරුවන් ඉදිරියට දමා අරගලය ගෙනයන බවයි.

කොට්ටාව්දී තම රථය ගද්දීත් තමන්ට පහරදුන් බව වෙල්ගම මන්ත්‍රීවරයා පැවසුවේය. ‘මුත් 225 න් එකෙක් යැයි කියමින් තමන්ට පහරදුන් තරුණයින්ට හිරිහැර නොකරන මෙන් කුමාර වෙල්ගම මන්ත්‍රී වරයා පැවසීය.

Related Articles