චන්ද්‍රගුප්ත  ගේ  රේඛා සහ  වර්ණ අරගලය…

චන්ද්‍රගුප්ත ගේ රේඛා සහ වර්ණ අරගලය…

චන්ද්‍රගුප්ත තේනුවර සෑම ජුලි 23දාවකම ප්‍රදර්ශනයක් පවත්වන්නේ අඳුරු ජුලිය ගැන යළි හිතා බලන්නට ආරාධනයක් කරමිනි .අප ජීවත් වන මොහොත භයානක බව තේනුවර පවසයි එහෙත් අනතුර නොතකා සටන් කිරීමට නිර්භයව පුරවැසියන් පෙරටපැමිණ සිටිති.

ගාම්භීර ලෙස දේශපාලකයින් උච්චාරණය කරන ප්‍රජාතන්ත්‍රවාදය අරුත් සුන් වචනයක් බවට පත්වී ඇත සමාජ දේශපාලන රෝග සඳහා පරිවර්තනීය විසඳුම් අවශ්‍ය මොහොතකි .

දේශපාලන පක්ෂවල අවශ්‍යතා ආරක්ෂා කිරීමට නොව, දේශපාලන ව්‍යාකූලත්වයෙන් පුරවැසියන් මුදවන් ලෙස පාලකයන්ට මොර ගසා හඬ නැගිය යුතු මොහොත මේ බව තෙනුවර පවසයි.

කුසගින්නෙන් තොරව, දරිද්‍රතාවයෙන් තොරව, ආරක්ෂිතව, සුරක්ෂිතව සහ අභිමානයෙන් ජීවිතය ගත කිරීමේ අවශ්‍යතාව ඇති බව තම චිත්‍ර ජනගත කරමින් තේනුවර පවසයි.

දේශපාලකයෝ රට ජාතිය ආගම බේරගන්න පොරොන්දු දී බලය තහවුරු කරගන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බව චන්ද්‍රගුප්ත තේනුවර තර්ක කරයි. 1931 දී සර්වජන ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරා ගැනීමේ බලය ලබාගත් ශ්‍රී ලංකාව ඒ ගැන නිබඳව පුරසාරම් දොඩයි . තේනුවර සිත්තරා අභියෝගයක් කරයි .

ඒ ගැන පුරසාරම් දොඩන්න. නමුත් නැවත නැවතත් සිදුවන්නේ කුමක්ද? දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බලය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ සියලු බලය සහ උපාමාරු භාවිතා කරමි සිටිති . මේ ගැන නැවත සිතා බැලීම සඳහා පෙළඹ වීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන කාර්යය බව තෙනුවර් පවසයි.

‘Ecce Homo’ නම් කෘතිය ආගමික කුමන්ත්‍රණයක් නිරූපණය කරයි. අප අවට සිදුවන දේ ප්‍රශ්න කිරීමට දෘශ්‍ය අවස්ථාවක් මෙම සිතුවම ලබා දෙයි. මෙම සිතුවම පොන්තියුස් පිලාත්ගේ කැටයමක් මත පදනම් විය යේසුස්වහන්සේ විනිශ්චට ලක්කළ ආණ්ඩුකාර පිලාත් එක්සේ හෝමෝ (මෙන්න මිනිහා)!’ යැයි රැස්ව සිටි ජනතාවට ජේසුස් වහන්සේ ඉදිරිපත් කරයි.

ජේසුස් වහන්සේ නිදහස් කරන්නැයි ජනතාව කියනු ඇතැයි පිලාත් හිතයි එහෙත් බහුතර ජනතාව කියන්නේ හොර දෙටුවෙක් වන බරබ්බස් නිදහස් කරන ලෙසයි. පිලාත් ජේසුස් වහන්සේගේ වරදක් නොදුටු නමුත් ‘බහුතරයේ’ ඉල්ලීමට එකඟ වූ පිලාත් තම අත් සෝදාගෙන ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන ලෙස නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ තවමත් සිදුවන්නේ එවැනි දේ බව චන්ද්‍රගුප්ත තේනුවර පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිංහල කාන්තාවන් වඳ කරන පෙති ගැන මිත්‍යාවන් මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මුස්ලිම් ජනතාව සතුරන් බවට බවට පත් කොට ‘සිංහල ජාතිය’ ‘(බහුතරය’ ) බේරා ගැනීමට ඡන්දය දෙන ලෙස ඡන්ද දායකයාගෙන් වෙත කෙරුන ඉල්ලීමට බොහෝ දෙනා රැවටුනු බව තේනුවර පෙන්වා දෙයි.එදා බහුතර රෝම පුර වසින් රැවටුන සේ අදත් අපව රැවවීමට බොහෝ සාධක සමාන්තරව ක්‍රියාත්මක වන බවයි තේනුවර පවසන්නේ.

ecce-homon

Related Articles