මානව හිමිකම්  තීන්දුවට  කුමක් වෙයිද ?

මානව හිමිකම් තීන්දුවට කුමක් වෙයිද ?

ගාලුමුවදොර සාමාකාමී අරගලයේ නිරත අරගල කරුවන්ට මැයි මස (9) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂාව සහතික කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බව මානව හිමිකම් කොමිසම කියාසිටී.

මේ සම්බන්ධයෙන් කොමිසම ඉදිරිපත් කොට ඇති ක්‍රියා මාර්ග ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද යන්න දැනගැනීමට මානව හිමිකම් ක්‍රියාධරයින් තුල උනන්දුවක් ඇතිවී ඇත.

ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට මැයි 09 දා ප්‍රහාර එල්ල වෙද්දී රාජකාරි පැහැර හරින ලද පොලිස්පතිවරයා ඇතුලු එම ප්‍රදේශයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කොට ඇත.

වින්දිතයන්ට පොලිසිය ලවා ප්‍රමාණවත් වන්දි ගෙවීමට සිදු කරන ලෙසට මානව කොමිසම කළ නිර්දේශයේ සඳහන්. මේ වන විට ප්‍රහාරකයින් කීප දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් පවතී.

රනිල් නඩුවෙන් ඉවතට…

මේ අතර වාරේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩු කටයුත්තෙන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ තව සති දෙකක්…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන අන්දමට අගෝස්තු 11 වනදා දක්වා එරට රැඳී සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර ලබා දී ඇත.

මෙරට සිවිල් යුද්ධය අතරතුරදී ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ චෝදනා කරමින් එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව කියමින් යුක්තිය හා සත්‍ය සඳහා වන මානව හිමිකම් ව්‍යාපාරය සිංගප්පූරු නීතිපති වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

Related Articles