ජපානයේ වඳුරු දඩයමක්…

ජපානයේ වඳුරු දඩයමක්…

සති ගණනාවක් බටහිර ජපානයේ යමිගුචි නගරයක වැසියන් භීතියට පත් කළ වඳුරු කල්ලියක සාමාජිකයෙකු අල්ලාගෙන මරා දමා දැමීම සිරස්තල මවන පුවතක් බවට පත්ව ඇති බව බලධාරීහු පවසති.

යමගුචි ප්‍රදේශයේ වඳුරු ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් පනහකට කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

වඳුරන් දඩයමක් කිරීම හැර වෙනත් විකල්පක් නොවූ හෙයින් දඩයම්කරුවන් පළාත සෝදිසි කරන අතරවාරේ පාසැල් බිමක සිටි රංචුවක් දැකගත හැකිවිය.

ප්‍රහාරයට වගකිව යුතු රැළේ නායකයා හඳුනාගෙන මුලින් සිහි නැති කොට පසුව මර දමා ඇත. සති තුනකට පමණ පෙර වැඩිහිටියන්ට සහ ළමයින්ට පහර දීම ආරම්භ වූ දා සිට බලධාරීන් වඳුරන් දඩයම් කිරීමට පටන් ගෙන තිබේ.

තවමත් සිදුවීම් වාර්තා වෙමින් පවතින අතර වඳුරු කල්ලියේ අනෙකුත් සාමාජිකයින් සෙවීමේ කටයුතු දිගටම සිදුවෙමින් පවතී.

සාමන්‍යයෙන් මෙම වඳුරු රැල තමන්ගේ පාඩුවේ ජීවත් වූ නමුත් හිටිහැටියේ ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන්ගැනීම තමන්ට ප්‍රහේලිකාවක් වී ඇති බව ප්‍රදේශ වාසීහු පවසති.

“ඇසින් දුටු සාක්ෂිකරුවන් විවිධ ප්‍රමාණයේ වඳුරන් විස්තර කරන අතර අල්ලා ගැනීමෙන් පසුව පවා අපට නව ප්‍රහාර පිළිබඳ වාර්තා ලැබේ,” ඔහු පැවසීය. අල්ලා ගත් වඳුරාගේ වයස අවුරුදු හතරක් වන අතර උස මීටර් භාගයක් (අඩි 1 අඟල් 7) පමණ වේ.

අල්ලා ගැනීමට පෙර නගර නිලධාරියෙකු පැවසුවේ “කෙටි කාලයකදී මෙතරම් ප්‍රහාර දැකීම දුර්ලභ” බවයි.

“මුලදී, ළමයින්ට සහ කාන්තාවන්ට පමණක් පහර දී ඇති බව” ඔවුන් පැවසීය “මෑතකදී, වැඩිහිටි පුද්ගලයින් සහ වැඩිහිටි පිරිමින් ද ඉලක්ක කර ඇත.”

මීට පෙර උගුල් යොදා සතුන් අල්ලා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ අතර ජූලි මස මුලදී ආරම්භ කළ පොලිස් මුර සංචාර මේ දක්වා අසාර්ථක වී ඇත. වඳුරෙකු ඇගේ මහල් නිවාසයට කඩා වැදීමෙන් සිව් හැවිරිදි දැරියක් සීරීමට ලක් වූ අතර එක් සතෙකු ළදරු පාසලේ පන්ති කාමරයකට ඇතුළු වීම වාර්තා වේ.

වරක් අවදානමට ලක්විය හැකි විශේෂයක් වූ ජපන් මැකේක් මෑතදී ජනගහන උත්පාතයක් දැක තිබේ.

යමගාටා විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන්ට අනුව මෙය මිනිසුන් සමඟ “බරපතල ගැටුම්” ඇති කර තිබේ. මිනිස් හැසිරීම් සහ වනාන්තර පරිසරයේ වෙනස්වීම් එක් හේතුවක් විය හැකිය.

Related Articles