චීනයෙන්  සැර  පිළිතුරක්…

චීනයෙන් සැර පිළිතුරක්…

ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට චීන හමුදා නෞකාවක් යැවීම සබන්ධයෙන් චීනය සැර පිළිතුරක් ලබා දී ඇත .

බුද්ධි තොරතුරු එකතු කරන චීන නැවේ ගමන පිළිබඳව නව දිල්ලිය විසින් කනස්සල්ල පළ කිරීමෙන් පසු “අදාළ පාර්ශ්වයන්” එහි නීත්‍යානුකූල නාවික කටයුතු වලට මැදිහත් වීමෙන් වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය පැවසීය.

මෙහිදී අදාළ පාර්ශවය වන්නේ ඉන්දියාවයි. මෙය දැනට රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ වචන හුවමාරුවක් සේ දක්නට ලැබුනත් එහි ප්‍රතිපල අනාගතයේදී ශ්‍රී ලංකාවට බලපෑම් සහගත විය හැකි බව විචාරකයින් පෙන්වා දෙති.

චීනය විසින් ඉදිකරන ලද සහ බදු පදනමක් මත පාලනය කරන හම්බන්තොට වරාය චීනය විසින් ඉන්දියාවට යාබදව පිහිටුවා ගත් හමුදා කඳවුරක් ලෙස භාවිතා කරනු ඇතැයි ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටී.

ඩොලර් බිලියන 1.5 ක් වටිනා හම්බන්තොට වරාය ආසියාවේ සිට යුරෝපයට යන ප්‍රධාන නැව් මාර්ගයට ආසන්නව පිහිට ඇත.

ශ්‍රී ලංකාව සිය ප්‍රධාන දකුණු වරායේ වාණිජ කටයුතු 2017 දී චීන සමාගමකට 99 අවුරුදු බදු පදනම මත නිල වශයෙන් භාර දුන්නේ ණය ගෙවීමට නොහැකිවූ තැනයි.

ඉන්දියාව මේ වසරේ පමණක් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4 කට ආසන්න ආධාර ලබා දී ඇත. මෙහෙයින් ඉන්දියාවේ ඕනෑ එපාකම් නොසලකා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කටයුතු කල නොහැක.

යෝජිත හම්බන්තොට සංචාරය පිළිබඳ ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ආරක්ෂක විශ්ලේෂක නිතින් ඒ ගෝඛලේ, 2014 දී චීන සබ්මැරීනයක් සහ යුද නෞකාවක් කොළඹට පැමිණීම මතක්කොට ඇත , එය එකල ඉන්දියාව කෝපයට පත් කළ පියවරකි.

Related Articles