චෝදනා  ගොඩක් ඇති  කබ්රාල්ට  ඇප…..

චෝදනා ගොඩක් ඇති කබ්රාල්ට ඇප…..

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද (ඔක්තෝබර් 26 වැනිදා) නියෝග කළේ ය.

ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

මහ බැංකු අධිපතිවරයාව සිටිය දී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සාපරාධී විශ්වාසය කඩ කිරීම, බැංකුකරුවෙකු විසින් කරනු ලබන සාපාරාධී විශ්වාසය කඩ කිරීම, සහ මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මඟින් දණ්ඩනීති සංග්‍රහයට යටතට හා සුරැකුම්පත් හා විනිමය ආඥා පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා හයක් ගොනුකරමින් හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රංජිත් කීර් ති තෙන්නකෝන් අධිකරණයට කළ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

Related Articles