මහින්ද අමරවීර ගේ පුතා යාල වනෝද්‍යානයේ සැරිසැරුවද ?

මහින්ද අමරවීර ගේ පුතා යාල වනෝද්‍යානයේ සැරිසැරුවද ?

යාල වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධයෙන් අගහරුවාදා (ඔක්: 25) වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත්ගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී, ගන්නා ලද තීරණ පහත දැක්වේ

සංවේදී පරිසර කලාපය තුළ සිදුව තිබෙන නීති විරෝධී හැසිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (26) පරිසර සංවිධාන වනජීවී දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බවත් කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මීට වඩා සක්‍රීය විද්‍යාත්මක විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බවයි මෙහිදී පරිසරවේදී නයනක රන්වැල්ල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

අමනෝඥ ලෙස හැසිරුණ මෙම පිරිස සම්බන්ධයෙන් වනජීවී නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණොත් මීට වඩා විධිමත් විරෝධයක් පෑමට සිදුවන බවයි රන්වැල්ල මහතා සඳහන් කළේ.

මෙම පිරිස අතර මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ පුත්‍රයා ද සිටින බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් වනජීවී නිලධාරීන්ගෙන විමසා ඇති අතර එහිදී නිලධාරීන් පවසා ඇත්තේ තවදුරටත් ඒ ගැන විමර්ශන සිදුකරන බවයි.

01. සිද්ධියට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනා ගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීම.

(දැනට එම වාහන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීම.)

02. අදාළ පිරිස සමඟ වනෝද්‍යානයට ඇතුලුවීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරී පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සහ නොකිරීම, ඉහළ නිලධාරින් දැනුවත් නොකිරීම නිසා විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීම.

03. විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් ලිපියක් යොමු කිරීම.

04. යාල ජාතික වනෝද්‍යානය තුළ අනිසි ලෙස වාහන ධාවනය කරමින් වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් හා සියලු වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන අසාදු ලේඛනගත කිරීම.

එමෙන්ම මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වන සතුන්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම.

05. වනෝද්‍යානය තුළ වන සතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.

විමර් ශන කටයුතු සඳහා අතිරේක ලේකම් වරයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට ඇත. පොලීසියට භාර වූ නම දෙනක් තිස්සමහාරාමය මහෙස් ත්රා ත් වෙත ඉදිරිපත් කොට ඇත.

Related Articles