ඒඩ්ස් ආසාදිතයින්  වැඩිවීමක්….

ඒඩ්ස් ආසාදිතයින් වැඩිවීමක්….

2021 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන් 4,142ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හෙළි කළේය.

එහි සංඛ්‍යා ලේඛන අනුව ඉන් 2,912 දෙනෙකු පිරිමින් වන අතර, 1,230ක් කාන්තාවන් ය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩිම HIV ආසාදිතයින් පිරිසක් වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවා ය.

“දත්ත අනුව වැඩිම එච්අයිවී ආසාදිතයින් වාර්තා වන්නේ පිරිමි සමරිසි පුද්ගලයින් අතරය. දත්ත විශ්ලේෂණයේ දී අපිට දකින්න ලැබුණා, පසුගිය අවුරුදු පහ තුළ වයස අවුරුදු 19 – 25ත් අතර පිරිමි අයගේ එච්අයිවී ආසාදිතයින් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වෙන බව. මේ තත්ත්වය ටිකක් භයානක නිසා අපිට අවශ්‍ය වෙනවා සැවොම දැනුවත් කරන්න. ප්‍රධානව 90%ක් විතරම බෝවෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලින්. විශේෂයෙන්ම තරුණ පරම්පරාව දැනුවත් කරන්න ඕනේ විශ්වාසවන්ත නැති අයත් එක්ක, ඔය ෆේස්බුක් වගේ සම්බන්ධතා ඇති කරගත්තොත්, ඒගොල්ලොත් එක්ක අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඇති වුණොත්, අපි දන්නැහැනේ මේ ආසාදිතයින් කොහේ ඉන්නවා ද කියලා,” ඇය පවසයි.

Related Articles