ජනාධිපති ගෝඨාභය වෙනුවෙන්  වියදම් කරන්නේ කවුද ?

ජනාධිපති ගෝඨාභය වෙනුවෙන් වියදම් කරන්නේ කවුද ?

රටින් රට ගොස් හෝටල් වල වාසය කිරීම වියදම් අධික කාර්යයක් බවට සැක නැත .මේ වන විට හිටපු ජනාධිපති වරයා වෙනුවෙන් වියදම් කරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය මතුවේ ඇත්තේ රාජපක්ෂ වරුන් මුදල් අපහරණය කොට ඇත යන මාධ්‍ය වාර්තා පළ වෙන වාතාවරනයකයි.

වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය හැරෙන තැපෑලෙන් නිවැරදි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් පවසයි. පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත් පත පැවසුවේ හිටපු ජනාධිපතිවරයා ගේ පුත්‍රයා සහ තවත් අනුග්‍රාහක පිරිසක් වියදම් දැරීමට ඉදිරිපත් වේ සිටින බවයි.

හිටපු ජනාධිපතිවරයා දැන්මම ශ්‍රී ලංකාවට පැමිණීම එතරම් හොඳ නැති බව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න මතු කරන පිරිස්ද සිටිති.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වන හෙයින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කොට ශ්‍රිලංකාවේ වාසය කිරීමට ඉඩ සලසා දිය යුතු බව මේ පිරිස් පෙන්වා දෙති.

Related Articles