රනිල් පියවරක් පෙරට….

රනිල් පියවරක් පෙරට….

හදිසි නීතිය තව දුරටත් දීර්ග කිරීමේ අවශ්‍යතාවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කොට ඇත.

මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමිනි.

හදිසි නීතිය සම්මත කරගැනීමේ ප්‍රධාන සහය ලැබුනේ පොහොට්ටුවෙනි.

ජනාධිපති වීක්‍රමසිංහ හදිසි නීතිය පැනවීම අධිකරණ ක්‍රියා මාර්ග ඔස්සේ අභියෝගයට ලක් කොට තිබින. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරදා කළේ තමන්ගේ දෑත ශක්තිමත් කරගැනීම සඳහා අනෙක් අය එක්කර ගැනීමයි රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවට කරන්නේ තමන්ට බලය ලබාදුන් අය හෙමිහිට ඈත් කරගෙන තමන් ශක්තිමත්වීමයි.

මේ වනවිට ඉන්දියාව මෙන්ම බටහිර මාධ්‍යද රාජපක්ෂ රෙජීමය දැඩි ලෙස විවේචනය කරමින් සිටින හෙයින් දේශපාලන උපායේ ශුර රනිල් වික්‍රමසිංහ තනි දෙපයින් නැගී සිටීමට උත්සාහ කිරීම පුදුමයක් නොවේ.

Related Articles