ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් කෝපයෙන්….

ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් කෝපයෙන්….

චීන ඔත්තු නැව හම්බන්තොට වරායට පැමිණීමත් සමඟම ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් තම කෝපය මුසු කලකිරීම ප්‍රකාශයට පත් කරමින් සිටිති.

මාධ්‍ය කථා බහට එක්වූ හිටපු තානාපතිනි අම්බි මුකර්ජි පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ ස්වාධීන බව නැතිවී ගොස් ඇති බවයි . චීනය දකුණු ආසියාවේ කිනිස්සක් බවට පත්ව ඇති බවත් ඇය පවසන්නීය.

දැන් කල යුත්තේ ශ්‍රී ලංකාව කෙරේ බලපෑම් එල්ල කිරීම බව ඇය පවසයි .මේ බලපෑම ඇමරිකාව සමඟ එක්ව කළ යුතු බවයි ඇය පවසන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබාදීමේ හැකියාව හේතුවෙන් මේ බලපෑම සිදු කල හැකි බවයි ය තර්ක කරන්නේ .

චන්ද්‍රිකා මාර්ගයෙන් තොරතුරු….

මේජර් ජෙනරල් එම් කේ ශේගල් පැවසුවේ මෙය චීනයේ බලය පෙන්වීමට එන ගමනක් මිස තොරතුරු සෙවීමට පැමිණි ගමනක් නොවන බවයි. චීනයට තොරතුරු අවශ්‍ය නම් ගුවන් ගත කොට ඇති චන්ද්‍රිකා මාර්ගයෙන් මේ තොරතුරු ලබාගත හැකි බවයි මේජර් ජෙනරල් එම් කේ ශේගල් පෙන්වා දෙන්නේ .මේ වන විට වැඩිම බුද්ධි තොරතුරු චන්ද්‍රිකා ගුවන් ගත කොට ඇත්තේ චීනයයි .වියට්නාමය සමඟ එක්වී නාවික කඳවුරක් පිහිටුවා ගෙන චීනයට අභියෝග කිරීමේ කාලය එළඹ ඇතැයි එම් කේ ශේගල් පවසයි .තායිවානය සමඟ පුර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීම තවත් පියවරකි .ශ්‍රී ලංකාවට තවත් ආධාර කරනවා හැරෙන්නට ශ්‍රීලංකාවට හිරිහැර කරන්නට ගියහොත් තම රටට සරණාගත ගැටළුවක් ඇතිවෙන බවයි මේජර් ජෙනරල් එම් කේ ශේගල් පෙන්වා දෙන්නේ.

මහචාර්ය මදර් න්ලපත් පෙන්වා දෙන්නේ මෙය රාජපක්ෂවරුන්ගේ උගුලක් වන බවයි . ශ්‍රී ලංකාව මේ වන විට කලාපයේ ආරක්ෂාව තර්ජනයට ලක්කොට ඇති හෙයින් වහාම හම්බන්තොට වරාය ඉන්දීය සහ ඇමරිකානු නාවික හමුදා කටයුතු සඳහා භවිතා කිරීම ආරම්භ කළයුතු බවයි මදර් න්ලපත් පෙන්වා දෙන්නේ.

පොදුවේ ශ්‍රීලංකාව ඉන්දියාවෙන් උදව් ගෙන චීනයේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනීසිටින හෙයින් දැඩි ක්‍රියාමාර්ග කෙරේ යොමුවිය යුතු බවයි ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙන්වා දෙන්නේ. දැඩි රාජපක්ෂ විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවක් දක්නට ලැබේ.

https://youtu.be/aWLOj4wYt0w

Related Articles