රුෂ්ඩි ගේ පිහිපාර  ගැඹුරුයි….

රුෂ්ඩි ගේ පිහිපාර ගැඹුරුයි….

සුප්‍රසිද්ධ කතුවර සල්මන් රුෂ්ඩි සිකුරාදා බටහිර නිව්යෝර්ක් හිදී එල්ල වූ පිහි ඇනුම නිසා මරණාසන්න වූ නමුත් ඔහු දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටී මේ වන විට ශ්වසන ආධාරක යන්ත්‍ර වල උදව්ව නැතිව හුස්ම ගැනීමට හැකිවී තිබේ.

කථාවක් පැවැත්වීමට සුදානම්ව සිටියදී වේදිකාවට කඩා පැන්න චුදිතයා පවසන්නේ ඔහු වැරදිකරු නොවන බවයි. “ඔහු යථා තත්ත්වයට පත්වීමේ මාවත ආරම්භ වී ඇත,” රුෂ්ඩිගේ නියෝජිත ඇන්ඩෲ වයිලි ඉරිදා සී .එන්.එන් මාධ්‍ය වෙත පැවසීය.

75 හැවිරිදි සම්මානලාභී කතුවරයාට මේ වන විට – “වචන කිහිපයක්” පැවසීමට හැකි වී ඇති බව ඔහුගේ පුතා ප්‍රකාශ කොට ඇත. තුවාල බරපතල වුවද, ඔහුගේ සුපුරුදු දඩබ්බර හා හාස්‍ය මුසු පැවැත්ම ඒ ලෙසින්ම පවතින බව ඔහුගේ පුතා පවසයි.

වේදිකාවට පැනගත් පුද්ගලයෙක් ඔහුගේ බෙල්ලට සහ බඩට ඇතුළු ස්ථාන කීපයකට පිහියෙන් ඇන්න තුවාල සනීප වනු ඇත එහෙත් එයින්
මානව ගරුත්වයට සහ ප්‍රකාශන නිදහසට සිදුකොට ඇති බලපෑම සදා සුව කළ නොකළ හැකි කැලලක් වනු ඇත.

ඉරාන බලධාරීහු…

පහර දුන් පුද්ගලයා සමඟ ඉරානය කිසිඳු සබඳතාවයක් නොමැති බවත් එසේ ප්‍රහාරයට ලක්වීමට වගකිව යුත්තේ රුෂ්ඩි ම බවත් ඉරාන බලධාරීහු පවසා සිටිති. රුෂ්ඩි විසින් රචිත ද සේටැනික් වර්සස් (The Satanic Verses) නම් කෘතිය පළවීමෙන් පසුව ඔහුට වැඩිම දෝෂරෝපණ එල්ල වුයේ ඉරානයෙනි.

නිව් ජර්සි හි ෆෙයාර්වීව් හි 24 හැවිරිදි හැඩි මාටර්, ගේ පිහිය රුෂ්ඩි ගේ බෙල්ල කරා යොමුවීමට බලපෑ පෙලඹවීම කුමක්ද යන්න හොයා බැලීම ප්‍රකාශන නිදහස අගයන සැමගේ වගකීම බවට ලොව පුරා හඬ නැගෙමින් පවතී.

පහර දුන් පුද්ගලයා සමඟ ඉරානය කිසිඳු සබඳතාවයක් නොමැති බවත් එසේ ප්‍රහාරයට ලක්වීමට වගකිව යුත්තේ රුෂ්ඩි ම බවත් ඉරාන බලධාරීහු පවසා සිටිති. රුෂ්ඩි විසින් රචිත ද සේටැනික් වර්සස් (The Satanic Verses) නම් කෘතිය පළවීමෙන් පසුව ඔහුට වැඩිම දෝෂරෝපණ එල්ල වුයේ ඉරානයෙනි.

Related Articles