සුකීට  මොකද මේ හැටි දඬුවම් තවත් වසර හයක්…

සුකීට මොකද මේ හැටි දඬුවම් තවත් වසර හයක්…

හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ උසාවියක් අගෝස්තු 15 වැනිදා එරට බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකීට තවත් අමතර වසර හයක සිර දඬුවමක් නියම කළ බව නීති නිලධාරියෙක් පැවසීය. දැනටමත් ඇයට වසර එකොළහක සිර දඬුවමක් නියම ම වී ඇත.

නඩු විභාගය මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රවේශයක් නොමැතිව වසා දැමූ දොරවල් පිටුපස පැවැත් වූ අතර, ඇයගේ නීතීඥයින්ට නඩු කටයුතු පිළිබඳ තොරතුරු හෙළි කිරීම තහනම් නියෝගයක් මගින් තහනම් කරන ලදී.ඇතැම් විචාරකයින් පවසනේ මෙය කැලෑ උසාවි පන්නයට සිදුවූ නඩු ඇසීමක් වූ බවය.

සඳුදා තීන්දු කරන ලද දූෂණ නඩු හතරේදී, සූ කීට මහජන ඉඩම් වෙළඳපල මිලට වඩා අඩු මිලකට කුලියට ගැනීමට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර නිවසක් ඉදිකර ගැනීමට තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල විය. චෝදනා හතරකටම ඇයට වසර තුන බැගින් සිරදඬුවම් ලැබුණු නමුත් ඉන් නඩු තුනක සිරදඬුවම් සමගාමීව ගෙවනු ලබන අතර ඇයට තවත් වසර හයක සිරදඬුවමක් හිමිවේ.

ඇය සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඇයගේ නීතිඥයින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

2021 පෙබරවාරි මාසයේදී හමුදාව විසින් ඇයගේ ඡන්දයෙන් තේරී පත් වූ ඇයගේ රජය නෙරපා හැර ඇයට චෝදනා ගොනු කරන ලදී. මීට පෙර පැවති නඩු විභාගවලදී රාජද්‍රෝහීත්වය, දූෂණය සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ඇයට වසර 11 ක සිර දඬුවමක් නියම කර තිබුණි.

විශ්ලේෂකයින් පවසන්නේ ඇයට සහ ඇගේ සගයන්ට එරෙහිව එල්ල වී ඇති බොහෝ චෝදනා ලබන වසරේ හමුදාව පොරොන්දු වූ මැතිවරණයක් පැවැත්වීමට පෙර ඇය දේශපාලනයෙන් ඉවත් කරමින් හමුදාව බලය අල්ලා ගැනීම නීත්‍යානුකූල කිරීමේ උත්සාහයක් බවයි.

මෑත කාලීන සමීක්ෂණයකට අනුව මියෙන්මාරයේ සියයට අසුවක් පමණ දෙනා සුකී කෙරේ විශ්වාසය පළකරති.

1991දී සුකීට නොබෙල් ත්‍යාගය හිමිවිය. රෝහින්ජ්‍යා සරණාගතයින් වෙනුවෙන් පෙනී නොසීටිම වෙනුවෙන් ඇය කෙරේ බටහිර මානව හිමිකම් ක්‍රියාධරයින් ගේ විවේචන එල්ල වී ඇත.

Related Articles