ජනාධිපති රනිල් සහ  අමෙරිකානු තානාපතිනීය  අතර හමුවක් ….

ජනාධිපති රනිල් සහ අමෙරිකානු තානාපතිනීය අතර හමුවක් ….

මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් පෙන්වා දී තිබේ.

යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් සහ වගකීමක් ඇති බවද ඇය සිය ට්විටර් ගිණුමේ දක්වා ඇත.

ජනතාවගේ විශ්වාසය යළි ඇති කරගැනීමටත්, රට තුළ ස්ථාවරත්වය ඇති කිරීමටත්, ආර්ථිකය යළි ගොඩනැගීමටත් රජයට ගත හැකි ක්ෂණික පියවර වෙත අවධානය යොමුකළ යුතු බවද ඇය පවසන්නීය .

මේ අතර වාරේ එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ වජිර අබේවර්ධන මහතා තෝරාපත් කරගෙන තිබේ.

Related Articles