ජන සභා පිහිටුවීම කරු ජයසූරියට……

ජන සභා පිහිටුවීම කරු ජයසූරියට……

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර ග්‍රාම නිලධාරි වසම් දහහතර දහස ආවරණය වන පරිදි ජන සභා පිහිටුවීමේ වැඩ පිලිවෙල හිටපු කථානායක කරු ජයසුරිය වෙත වෙත පවරා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජන සභා පිහිටුවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එහි සභාපතිත්වය හිටපු කතානායක කරු ජයසූරියට ලබා දී තිබේ. ‘දේශපාලනයෙන් තොර ජන සභා, ග්‍රාම නිලධාරි මට්ටමින් පත් කිරීමට විද්වත් අදහස් ලබා ගනිමින් සකස් කරන යෝජනාවලිය ලබන සතියේ අවසන් කරන බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

ග්‍රාමීය මට්ටමේදී දේශපාලනයෙන් තොර මෙවැනි එකතුන් පිහිටුවිය හැකිදැයි දෙෂ්පලන් විචාරකයින් ප්‍රශ්න කරති. මීට උදාහරණ සේ දක්වන්නේ සමුපකාර සංගම්ය. ප්‍රජා මුල එකතුවක් වන සමුපකාරයේ නිලවරණය අතිශයින්ම දේශපාල නීකරණීය වී ඇති බව රහසක් නොවේ.

ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රජාවගෙන් යෝජනා ලබා ගැනීම ජන් සභා මගින් සිදු කෙරන බව පැවසුවත් දැන් ඇති ගැටළුව යෝජනා ප්‍රමාණවත් නොවීමද යන ගැටලුව මතුවේ .අනෙක් අතට එවැනි කතිකාවක් අවශ්‍ය වේ නම් දැනටමත් පවතින ප්‍රාදේශීය සභා ව්‍යුහයක් ඇත.

ජන සභා පිලිබඳ අදහස් සිවිල් සමාජය විසින් ඉදරිපත් කොට තිබුනේ ජාතික මට්ටමේ කටයුතු නියාමනය කළ හැකි බලතල
සහිත විද්වත් සහ පොදුජන දායකත්වය ඇති ව්‍යවස්ථාපිත ආයතන ව්‍යුහයකි. මේ අතර, පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර් තු මාසයේදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කොට ඇත.

Related Articles