ජපානයේ හිටපු අගමැති ගේ  මරණය ගැන  ජනාධිපති  ගෝඨාභය කම්පාවෙන් …..

ජපානයේ හිටපු අගමැති ගේ මරණය ගැන ජනාධිපති ගෝඨාභය කම්පාවෙන් …..

ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ ප්‍රහාරයට ලක්වූ නාරා ප්‍රදේශයට ආසන්නව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේදී මිය ගොස් ඇත. අද උදෑසන නාරා නගරයේ දේශපාලන ප්‍රචාරක උත්සවයකදී දේශනයක් පවත්වමින් සිටියදී 41 හැවිරිදි සැකකරු අබේට දෙවරක් වෙඩි තබා ඇත.

මෙම සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසු වෙන අතර ප්‍රහාරයට හේතුව තවමත් පැහැදිලි නැත .

ශින්සෝ අබේගේ බෙල්ලේ දකුණු ප්‍රදේශයේ වෙඩි උණ්ඩයක තුවාලයක් තිබූ බවත්, ඔහුගේ පපුවේ වම් කොටසට යටින් අභ්‍යන්තර ලේ ගැලීමක් ඇති බවත් ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය තහවුරු කළේය. වෙඩි දෙකම වැදුනේද, එසේත් නැතිනම් වෙඩි උණ්ඩයක් ඔහුගේ බෙල්ලට වැදී වෙනත් ස්ථානයකට ගමන් කළේද යන්න පැහැදිලි නැත.

මේ පිළිබඳව සුන්දර ජපානය මුහුණු පොතේ පළවූ සටහනකි මේ :

“. ජපානයට අතිශයින්ම වැදගත් කාලවකවානුවක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර රෝගී තත්වය නිසා නිල කාලය වසරක් ඉතිරිව තිබියදී රටේ යහපත උදෙසා තම පදවිය අතහැර සුදුසු පුද්ගලයකු තෝරා ගැනීමට ඉඩ ලබාදී නිහතමානීව බලය ඇතහැරි නායකයකු ලෙසත්, අබේ මහතා ලෝක වාසී සියලු නායකයන් අතරත් සුහදව කටයුතු කල නායකයෙකු බවත්, විදේශීය සිසුන් සහ ජපානයේ ජීවත් වන විදෙස් ජාතිකයින්ටත් නොවෙනස්ව සැලකූ රාජ්‍යය නායකයකු ලෙස ජපන් ජාතිකයින් සහ විදෙස් ජාතිකයින් අතරත් මහත් ජනාදරයක් ලබා සිටි නායකයකු විය. අද උදෑසන සිදු වූ වෙඩි ප්‍රහාරයක් නිසා පපුවට සහ බෙල්ල ආශ්‍රිත සිදු වූ බරපතල තුවාල හේතුවෙන් රෝහල් ගත කල අතර ඉන් අනතුරුව ජීවිතයෙන් සමුගත් බව ජපන් මාද්‍යය මීට සුලු මොහොතකට පෙර වාර්තා කලා. නිහතමානී රට ගැන සිතූ බලලෝභයක් නොමැති ආදර්ශමත් නායකයකුගේ නික්ම යෑම මෙසේ සිදුවිය. ඔබට සුබ ගමන්”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අගමැතිතුමන්ගේ ඛේදජනක මරණය ගැන තමන් දැඩි කම්පාවෙන් පසුවෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරකු වන හිටපු අගමැති ශින්සෝ අබේට සිදු කළ වෙඩි ප්‍රහාරය සැළවූ වහාම ජනපති ගෝඨාභය රාජපක්ෂ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු වෙනුවෙන් තමන් ඉකමන් සුවය පතන බවය. එහෙත් ඉන්පසු ඔහුගේ මරණය සැලවීමත් සමඟ ඔහුගේ මරණය ගැන තමන් දැඩි ලෙස කම්පා වන බව සටහන් කොට තිබුණි.

“හිටපු ජපාන අගමැති ශින්සෝ අබේගේ ඛේදජනක මරණය ගැන මම දැඩි කම්පාවෙන්. ජපානයට නැතිවුණේ ඉතාම ගෞරවණිය දේශපාලකයෙක්. ඔහුගේ පවුලේ අයට, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සහ ජපාන පුරවැසියන්ට මගේ හදවතින්ම සංවේගය පළකරනවා” යැයි එහි වැඩි දුරටත් සඳහන් විය.

Related Articles