ප්‍රචණ්ඩත්වයට ඉඩ නැත-සාමකාමී  විරෝධයට ඉඩ ඇත…

ප්‍රචණ්ඩත්වයට ඉඩ නැත-සාමකාමී විරෝධයට ඉඩ ඇත…

කොළඹදී දැවැන්ත පෙළපාලියක් පවත්වමින් ආණ්ඩුවට විරෝධය පල කිරීමට ගන්නා වැඩ පිළිවෙල තුළ සාමකාමී විරෝධතා හැරෙන්නට ප්‍රචණ්ඩ විරෝධතා වලට නොයන ලෙස අංශ ගණනාවක් දැනුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිසිය සංයමයෙන් කටයුතු කල යුතු බවයි .

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ විරෝධතා කරුවන්ද අත්‍යවශ්‍ය වෛද්‍ය හෝ මානුෂීය සේවාවන්ට බාධා නොකර න ලෙසත්, සාමකාමී විරෝධතාවල පමණක් නිරත විය යුතු බවයි .

“මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ මාධ්‍යවේදීන්ට පෙළපාලි නිරීක්ෂණය කිරීමට සහ වාර්තා කිරීමට අයිතියක් ඇති බවට ආරක්ෂක අංශ වෙත පැහැදිලි උපදෙස් ලබාදිය යුතු බවත් රවීනා ෂම්දාසානි පවසයි. පොලිසිය විටෙක අනවශ්‍ය හා අසමාන ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවත් , ඇතැම් අවස්ථාවල සන්නද්ධ හමුදා ජීව උණ්ඩ ද ප්‍රහාර එල්ල කොට ඇති බවත් ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කියා සිටියේ ව්රෝධතා කාලය තුල ගල් කැටයක් හෝ අතට නොගත යුතු බවයි. තම පක්ෂය අරගලකරුවන් ගේ ඉල්ලීම් වලට එකඟ වන අතර ව්‍යවස්තානුකූල රාමුව තුල සිටිමින් මේ ගැටළුව විසඳීමට සුදානම් බවයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ පක්ෂ සාමාජිකයින් කොළඹට පැමිණ ජනාධිපති මන්දිරය වට කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් වන තුරු එහි රැඳී සිටින බවයි. “ ඇඳිරි නීතිය පැනවුවහොත් එය කඩකර බලය ලබා ගැනීමේ අවසන් සටනට එක්වන ලෙස අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,” යැයි මහ ලේකම් වරය පැවසීය .

පොලිස්පති සී ඩී වික්‍රමරත්න පැවසුවේ සාමකාමී උද්ගෝෂණයට ජනතාවට ඇති අයිතිය පිළිගන්නා
නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.

Related Articles