ජර්මනිය හයිඩ්‍රජන් දුම්රියේ ගමන් ආරම්භ කරයි…..

ජර්මනිය හයිඩ්‍රජන් දුම්රියේ ගමන් ආරම්භ කරයි…..

හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන මගී දුම්රිය දා හතරක් ජර්මනියේ වර් සැක්සොනි ප්‍රාන්තයේ ගමන් අරම්භ කර ඇත. ලොව ප්‍රථම පරිසර හිතකාමී දුම්රිය මාර්ගය දියත් කල බවයි ජර්මනිය පවසන්නේ.

ඩීසල් ඉන්ධන වෙනුවට විකල්ප සැලැස්මක් හොයන වැඩ පිළිවෙලක් යටතේ ෆොසිල ඉන්ධන සඳහා පිරිසිදු විකල්පයක් ලෙස හයිඩ්‍රජන් භාවිතය පුළුල් කිරීමට ජර්මානු රජය කටයුතු කරමින් සිටී.

ප්‍රංශ සමාගමක් වන ඇල්ස්ටම් විසින් නිෂ්පාදනය කරන ලද මෙම හයිඩ්‍රජන් දුම්රිය විමෝචනයකින් තොර සහ අඩු ශබ්දයක් ඇති අතර විදුලිය නිපදවීම සඳහා හයිඩ්‍රජන් ඉන්ධන සෛල මත පමණක් ක්‍රියාත්මක වන අතර, එක් හයිඩ්‍රජන් ටැංකියකින් දුම්රියක් මුළු දවසක්ම ධාවනය කළ හැකිය.

Related Articles