ගෝඨාභය එන්නේ  අගමැති වෙන්නද ?

ගෝඨාභය එන්නේ අගමැති වෙන්නද ?

තායිලන්තයේ වියදම් අර්බුදයකට මැදිහත් වී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පැමිණීම නව දේශපාලන මෙහෙයුමක ආරම්භය වියයුතු බව පොහොට්ටුව තීරණය කොට ඇත. හදිසියේ පලා යෑම නිසා ඇතිවූ දේශපාලන ප්‍රජිත් බව අකා මකා දැමීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත් කිරීම වැනි යෝජනා ඉදරිපත් වෙමින් පවතී. මේ සඳහා යොදා
ගැනෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන්ය පක්ෂයට නව ජවයක් ලබා දීම සඳහා පරජිත් බවේ සිට සටන්කාමී
මානසිකත්වයකට පාක්ෂිකයින් යොමු කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම යොදාගත යුතු බවයි පසු පෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ හට ප්‍රශ්නයක් යොමු කරමින් ඇසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමට කැමතිද? යනුවෙනි.

මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කළේ, “අපේ අකමැත්තක් නැහැ. කැමතියි. අනිවාර්යයෙන් අපි ඡන්දයත් දෙනවා. “ යනුවෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ ද දැරුවේ එවන් අදහසකි.

“ අපේ කිසි අකමැත්තක් නැහැ. හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා පත්කරගත් ජනාධිපතිවරයෙක් නේ. ඉතින් අගමැති ධුරයට පත්වුණාට කවුද අකමැති වෙන්නේ. මම නම් විරුද්ධ නැහැ. එතුමා ඉල්ලුවොත් අගමැති ධුරයට අපි ඡන්දයත් දෙනවා.”යනුවෙනි.

Related Articles