රනිල්ට අයවැයෙන් ලොකු කුට්ටියක්…

රනිල්ට අයවැයෙන් ලොකු කුට්ටියක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කර අතුරු අයවැයෙහි විසර්ජන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහි වැඩිම මුදල් ප්‍රතිශතයක් වෙන්කරගෙන ඇත්තේ ජනාධිපති, මුදල් ඇමති සහ ආරක්ෂක ඇමති ලෙස තමන්ගේ ධුරය සඳහාය.

ඒ අනුව සමස්ත අයවැයෙන් 25.75%ක් වෙන් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින අමාත්‍යාංශ වෙනුවෙනි. ඒ මුදල් හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 467.21ක මුදලක් සහ ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 376.33ක් මුදලක් වශයෙනි.

මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශිර්ශය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 3.39ක් වෙන් කර ඇත. එම වැය ශිර්ෂ තුනෙහිම එකතුව රුපියල් බිලියන 846.93කි. එය 25.81%ක ප්‍රතිශතයකි.

Related Articles