කෙහෙළියට අධි චෝදනා….

කෙහෙළියට අධි චෝදනා….

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඊයේ (24) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අධි චෝදනා ගොනු කර තිබේ.

ඒ 2015 ජනාධිපතිවරණ සමයේ 2014 දෙසැම්බර් 02 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් යොදා ගනිමින් GI බට 600ක් මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් 990,000ක අයුතු පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි.

ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ යන මහත්වරුන්ට එරෙහිව මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත.

Related Articles