රන්ජන්  දේශපාලන තරාදියේ…..

රන්ජන් දේශපාලන තරාදියේ…..

මාධ්‍ය හමුවක් ඇමතු රන්ජන් රාමනායක මහතා පරණ පුරුදු විදියට කතා කිරීමට කැමති නමුත් දැන් එසේ කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙන බව පැවසීය. තමන් නිර්මාණය වී ඇත්තේ තිත්ත ඇත්ත කතා කිරීමට බව පැවසු රංජන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් ස්තුති කළේය.

තමන් ස්වාධීනව ජනතාවගේ පැත්තේ සිටින බව රන්ජන් පැවසීය. ජනතාවගේ පැත්ත යැයි රන්ජන් දක්වන්නේ කුමන පක්ෂය දැයි තව ටික දවසකින් දැනගත හැකිවෙනු ඇත.

රන්ජන් හට ලැබී තිබෙන්නේ අර්ධ නිදහසක් බවත් ඔහුට දේශපාලන අයිතිවාසිකම් සහිතව නිදහස ලබා දෙන ලෙස ජනාධිපතිවරයා
ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේය.

Related Articles