ගුවන් යානා  ලුහු බඳින්න  කැමතිද ?

ගුවන් යානා ලුහු බඳින්න කැමතිද ?

සාමාන්‍යයෙන් දිනකට, ලොව පුරා ගුවන් ගමන් 200,000 කට වඩා සිදුවෙයි. එයට වාණිජ, භාණ්ඩ ප්‍රවාහන සහ වරලත් යානා මෙන්ම – ව්‍යාපාරික ජෙට්, පුද්ගලික ගුවන් යානා, හෙලිකොප්ටර්, ගුවන් ගිලන්රථ, රජයේ සහ හමුදා ගුවන් යානා, ඩ්‍රෝන, උණුසුම් වායු බැලූන් සහ ග්ලයිඩර් ද ඇතුළත් වේ.

මේ සියළු ගුවන් ගමන් නීරීක්ෂණය කරන වෙබ් අඩවි තිබේ. මේ ගුවන් යානා බොහොමයක් ට්‍රාන්ස්පොන්ඩරයකින් සමන්විත වන අතර, ගුවන් යානයේ පිහිටීම සහ අනෙකුත් පියාසැරි දත්ත ගුවන් ගමනා ගමන පාලනයට සන්නිවේදනය කරන්නේ ට්‍රාන්ස්පොන්ඩරයයි.

සංඥා ස්වයංක්‍රීය යැපුම් නිරීක්ෂණ-විකාශනය සඳහා ADS-B නම් තාක්‍ෂණය මත පදනම් වූ මිල අඩු ග්‍රාහක සමඟ ග්‍රහණය කර ගත හැකිය. ගුවන් ගමන් ලුහුබැඳීමේ වෙබ් අඩවි තමන්ගේ දත්ත ලබන්නේ මේ ආකාරයටය , පරිශීලකයින්ට අහසේ ඇති සෑම දෙයකම ඒ මොහො තේ පවතින තත්‍ය කාලීන ඡායාරූපයක් ලැබේ. එසේ වාර්තා නොවෙන
අවස්ථා කීපයක් ඇත.

ගුවන් ලෝලීන් බහුලව මෙම වෙබ් අඩවි භාවිතා කරමින් සිටිති. අගෝස්තු මස මුලදී ඇමරිකානු නියෝජිත්‍
මන්ත්‍රී මණ්ඩලයේ නැන්සි පෙලෝසි රැගත් එක්සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන් යානයක් තායිවානයට ගොඩබසින විට, 700,000 කට අධික පිරිසක් ගුවන් ගමන් ලුහුබැඳීමේ සේවාවක් වන ෆ්ලයිට්‍රැඩාර් 24 වෙබ් අඩවිය හරහා එම ගමන දැක තිබින.

C-40 නමින් හැඳින්වෙන Boeing 737 හි මිලිටරි අනුවාදයක් වන යානය, චීන ගුවන් හමුදා නීරීක්ෂණයට ලක්වීම වළක්වා ගැනීම සඳහා, ගුවන් යානය නියමිත මාර්ගයෙන් ඉවත්ව වඩා දිගු ගමනක් තෝරා ගත්තේය.

තායිවානය වෙත ළඟ වීමට පෙර මැලේසියාවේ ක්වාලාලම්පූර් දෙසට යානය ගමන් ගැනීමේ හේතුවෙන් අවසන් ගමනාන්තය කුමක්ද යන්න ක්ෂණිකව පැහැදිලි නොවීය .

යානය සෙමෙන් තායිවානයේ උතුරු දෙසට දෙසට ගමන් කරන විට බොහෝ දෙනා ඒ ගැන විමසිලිමත් වුහ. මේ වන විට චීනය දැඩි ලෙස එම ගමනට විරෝධය පල කරමින් සිටියේය .

Flightradar24 හි මෙතෙක් වැඩිම ලුහුබැඳ ගිය පියාසැරිය තායිවාන ගුවන් ගැන වූ අතර මිලියන තුනක ජනතාවක් අවම වශයෙන් පැය හතක ගමනේ කොටසක් හෝ නරඹා තිබින.

මෙමඅඩවිය ප්‍රථම වරට ගෝලීය පිළිගැනීමක් ලබා ගත්තේ 2010 දී, අයිස්ලන්ත ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් දහස් ගණනක් නතර වූ අවස්ථාවේදීය. ගිනිකඳු පුපුරා යාම නිසා ගුවන් ගමන් ව්‍යාකුල වූ ආකාරය දැන දහස් ගණන් ජනතාව වෙබ් අඩවියට ගොඩ වුහ. මේ මොහොතේදී ශ්‍රීලංකාවට පැමිණෙමින් තිබෙන ගුවන් යානා ගැන දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත යන්න.

https://www.flightradar24.com/airport/rml

Related Articles