එක්සත් රාජධානියට  ගොස් ‘ගල්’ වූ   ක්‍රීඩකයින් හොයා ගැනේ….

එක්සත් රාජධානියට ගොස් ‘ගල්’ වූ ක්‍රීඩකයින් හොයා ගැනේ….

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට ගොස් අතුරුදන් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගෙන ඇති නමුත් එම ස්ථාන පිළිබඳව බ්‍රිතාන්‍ය බලධාරීන් අනාවරණය කර නොමැති බව නිලධාරියෙක් පැවසීය. ගල් වීම යනු අනවසරයෙන් පිට රටක වාසය කිරීමට යොදන පුර වහරයි.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථා වලදී මෙවැනි පුද්ගලයින් ගේ වගතුග හෝ වෙනත් තොරතුරු අදාළ රටට වහාම ලබා දෙන්නේ නැත.

එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහ නිලධාරියෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන්ට හෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නිලධාරීන්ට නොදන්වා ක්‍රීඩා ගම්මානවලින් ඉවත් වුහ.

ජූඩෝ කණ්ඩායමේ නිලධාරියෙකු, ජූඩෝ, මල්ලවපොර, බොක්සිං සහ බීච් වොලිබෝල් තරඟකරුවන් අතුරුදහන් විය. කාන්තා ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද සිටියහ.

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පැවසුවේ ක්‍රීඩා ගම්මානය අතහැර ඕනෑම පුද්ගලයකුට ඕනෑම වේලාවක නික්ම යෑමට ඉඩ තිබු බවයි ඔහු කියා සිටියේ.

“ක්‍රීඩා කරන අතරතුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු සහ නිලධාරියෙකු මෙසේ නික්ම යෑම රටට අපකීර්තියක් බව මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පවසයි.

අනෙක් අතට මේ ක්‍රීඩකයින් වෙනුවෙන් කරුණු දැක්වූ බ්ර්මින්ග්හහැම් හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් පැවසුවේ දුෂිත රාජ්‍ය පාලනයෙන් බැට කන විට දක්ෂ තරුණ තරුණියන් බටහිර දේශපාලන සරණාගත බව පැතීම වැළැක්විය නොහැකි යථාර්ථයක් බවයි. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ විට දේශපාලන සරණාගත බව පැතීමට ඉඩ ඇත. දැනට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාස හයක වීසා ඇත.

ජූඩෝ සම්මේලනයේ සභාපති වූ කණ්ඩායමේ කළමනාකරු මේ පලායාම සංවිධානය කල බවයි ශ්‍රී ලංකාවේ නිලධාරීන් පවසන්නේ.

කණ්ඩායමෙන් ඉවත් වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ නමුත් එම අභිප්‍රාය හැරයාමේ අරමුණින් පිටත්ව ගිය අතර ඔවුන්ගේ ඉසව් කෙරෙහි අවධානය යොමු නොකළ බවයි මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු පවසන්නේ.

එක්සත් රාජධානියේ බර්මින්හැම් පොලිසිය විසින් අතුරුදහන් වූ පුද්ගලයන්ගෙන් 6 දෙනෙකු පමණ සොයා ගෙන ඇති අතර, කෙසේ වෙතත්, ඔවුන් සැඟවී සිටි ස්ථාන එක්සත් රාජධානියේ ආගමන නීතිය යටතේ ශ්‍රී ලංකා නිලධාරීන්ට අනාවරණය කර නොමැත.

Related Articles