තල වපුරා  මුන්  නෙලන්න  බැරි බව සාගර  ඩලස්ට කියයි ….

තල වපුරා මුන් නෙලන්න බැරි බව සාගර ඩලස්ට කියයි ….

පාර්ලිමේන්තු කමිටු කීපයකින් තමන් ඇතුළු කීපදෙනෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම පොහොට්ටුවට දොස් නගමින් දිනේෂ් ගුණවර්ධනට යැවු ලිපියකට පිළිතුරු සපයන පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් පවසන්නේ ඩලස් ඇතුළු පිරිසක් පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත වැඩ කිරීම හේතුවෙන් තම පක් ෂයට පියවරක් ගැනීමට සිදු වූ බවයි.

විදුලිබල ඇමති හෝ ජනමාධ්‍ය ඇමති ලෙස ඩලස් සාමුහික වගකීමට උර නොදුන් බවයී සාගර පවසන්නේ. තමන් ඉහළට ඔසවා තැබූ මහින්ද රාජපක්ෂට අගමැති තනතුරෙන් ඉවත් වෙන්න යැයි ලිපියක් ලිවීම තමන්ට අනුමැත කල නොහැකි බවයි සාගර පවසන්නේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ඩලස් සමඟ දැඩි ලෙස උරණව සිටියදීත් ලක්ෂ්මන් කදිරගාමර් හදිසි අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරට ඩලස් පත් කිරීමට කටයුතු කලේ මහින්ද රාජපක්ෂ බව සාගර පෙන්වා දෙයි .

පසුව යළිත් 2010 වසරේත් ජතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබාදී ඇමතිකමක් ලබාදීමටත් මහින්ද රාජපක්ෂ කාරුණික වූ බවයි සාගර පෙන්වා දෙන්නේ.

මේ සියල්ල නිසා දැන් සාගර ඇතුළු පිරිස කියා සිටින්නේ මේ තරම් වාසි ප්‍රයෝජන ලබා ගෙන දුෂ්කර අවස්ථාවක අගමතිකම ලබා ගැනීමට උත්සාහ කළ ඩලස් පිළිබඳව තමන් තුළ ඇත්තේ ජුගුප්සා ජනක හැගීමක් බවයි.

තල වපුරා මුන් නෙලන්න බෑ (1)

Related Articles