තිලිණි ප්‍රියමාලි  වංචා  සුත්‍රය  හෙළිදරව් වේ….

තිලිණි ප්‍රියමාලි වංචා සුත්‍රය හෙළිදරව් වේ….

තිලිණි ප්‍රියමාලි හට රංගනය සඳහාවූ ඔස්කාර් සම්මානයක් ලබා දුන හොත් එය පුදුමයට කරුණක් නොවේ.

ඇගේ රංගනයට රැවටුණු බොහෝ දෙනා උසාවි නොඑනු ඇත මන්දයත් මුදල් නැතිවීම ඔවුන්ට දරා ගත හැකිය එහෙත් උසාවි පොලීසි ගිය හොත් ඔවුන්ට තවත් බොහෝ දේ නැතිවෙන බව තිලිණි ප්‍රියමාලි දනී. ඇය තෝර ගත්තේ රටේ අප්‍රකට ධනවතුන්වය. කළු සල්ලි ජාවාරම්කරුවන්ය. කුඩු සල්ලි උණ්ඩියල් කරන ව්‍යාපාරිකයන් මෙන්ම ආගමික නායකයින් ඇය තෝරා ගත්තේ ප්‍රවේශමෙනි.

මුදල් උපයාගත් ආකාරය නීතිය හමුවේ කියන්නට බැරි දේශපාලඥයින්ද ඇය තෝරා ගත්තාය. දැනට පැමිණිලි 11ක් ලැබී ඇති අතර එම පැමිණිලිවල
මුල්‍ය වටිනාකම රුපියල් කෝටි 350 කට කිට්ටු නමුත් සැබෑ වටිනාකම කෝටි දහසකට වැඩි විය හැකි බවයි විමර්ශකයින් විශ්වාශ කරන්නේ.

මේ සියළු දෙනාම පාහේ තිලිණි සමඟ සිදුකොට ඇත්තේ ව්‍යාපාරය. ව්‍යාපාර සිදු කරන විට ලාභ මෙන්ම පාඩු ද සිදුවිය හැකිය. එහෙයින් තිලිණට
ගැලවිල්ලක්ද ඇත. සක්විතිද මේ උපක්‍රමය භාවිතා කළේය. ඔහු මුදල් ලබා ගත්තේ තැන්පත්කරුවන්ගෙන් නොව ආයෝජකයින්ගෙනි.

වැඩිම මුදලක් අහිමි කරගෙන ඇත්තේ ආචාර් ය උපාධියක් හිමි ව්‍යාපාරිකයෙකි. රුපියල් කෝටි 75 ක් අහිමි කරගෙන මේ ආචා ර් යවරයා පෙන්නුම්
කරන්නේ තිලිනිගේ දැලට උගත් – නුගත් බේදයක් නැති බවය.

මෙම ආචාර්යවරයා අවසානයේදී පැමිණිල්ලක් කරන්නට ඉදිරිපත් වන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පෙරැත්ත කිරීම් මතය.
ඔහුගේ සාක්ෂි දීම කෙසේ වේද යන්න සැක සහිතය.

එම ව්‍යාපාරිකයා තිලිණිට එරෙහිව පැමිණිලි කරන්නට අදිමදි කරනුයේ තමාට අහිමි වූ ඒ මුදල කෙසේ වෙතත් එයින් බාගයක්වත් ලැබේවි දැයි කියා විශ්වාසයක් නොමැති වූ තැනය. ඊටත් වඩා ඔහු බියක් දැක්වූයේ සිය පවුල මේ නිසා බිඳ වැටේවි යැයි කියාය. ඒ තිලිණිගේ නිළි බලකායේ උගුලට හසුවූවන් අතර මෙම ආචාර්යවරයාද සිටි බැවිනි. එසේ නොවන්නට තිලිණිට එරෙහිව මෙම ආචාර්යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර බොහෝ කල්ය.

ව්‍යාපාරිකයාගේ නිවසට සන්නද්ධ ආරක්ෂකයන් පිරිසක් පිරිවරා පැමිණි තිලිණි නාග රාජයෙක් පෙන්වමින් “ මේ ඔයාගේ තාත්තා. එයා මැරිල දැන් නාගයෙක් හැටියටයි ඉපදිලා ඉන්නේ. මට ඒ ගැන දිෂ්ටියෙන් අම්මා කිව්වා. ගෙදර සල්ලි ගොඩක් තියෙනවලු. ඒ සල්ලි ගෙදර තියන්න එපා කියලත් කිව්වා. එහෙම සල්ලි ගෙදර ගොඩ ගහගෙන තිබුණොත් ඔයාව විනාශ වෙලා යයි“ කියා ඇය පැවසුවාය.

රන් පොලු ලෙස දිස්වෙන රන් ආලේප කළ පිත්තල පොලු ඇපයට දී තිලිණි ඔහුව පටලවා ගනී. තිලිණි ඇසුරු කළේ යැයි පෙන්නුවේ රටේ ඉහළම ප්‍රභූ ආර් යාවන් සහ මැති ඇමතිවරුන්ය, පොලිස් නිලධාරීන් සහ කලාකරුවන්ය.

මේ සියල්ලට රැවටුණු බොහෝ දෙනා කාම උගුල් වලද වැටුණහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ ගැන මෙම ආචාර්යවරයා පැමිණිලි කරන විට කිහිපවිටකදීම සිහිසුන් විය.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 34 වෙනි මහලම ඇය මාසයකට රුපියල් ලක්ෂ 14 බැගින් මුදලක් ගෙවා කුලියට ගත්තේද එවැනි තැනක ව්‍යාපාර කාර්යාලය පිහිටා තිබීමම ඇය දැවැන්ත ව්‍යාපාර සමූහයක හිමිකාරිනියක් බවට සමාජය හමුවේ ඒත්තු ගැන්වීමටය.

කැපී පෙනෙන චරිත රැසක්ම….

රටේ නම ගිය භික්ෂූන් වහන්සේලා, දේශපාලනඥයන්, කලාකරුවන්, බටහිර කුළුනේ 34 වෙනි මහලේ නිතර සැරි සරන්නට වුහ. සරි ඇතුළු සමාජයේ කැපී පෙනෙන චරිත රැසක්ම සිටියහ. ඇය මේ වංචාව සාර්ථකව කරගෙන යාමට මාකට් කළේ ඒ පැමිණි ආරාධිතයන්වය.

මෙරට ජනප්‍රිය කලාකරුවන්ගේ උපන් දින සාද සංවිධානය කල තිලිණි ලාබ සත්කාර ලැබූ නිළියන් කිහිප දෙනෙකු ගණිකාවන්ටත් අන්ත තත්ත්වයකට
පත් කල බව කරුණු හෙළිදරව් වෙමින් පවතී.

මනරම් ජවනිකා සහිත වීඩියෝ පට රැසක්ම තිලිණි සතුව ඇති නිසා කෝටි ගණන් මුදල් අහිමිකරගත්තවුන් දැන් කල්පනා කරන්නේ අහිමිවූ මුදල් ගැන නොව ඒ වීඩියෝ පට එළියට ආවොත් තමන්ට සිදුවන දේ පිළිබඳවය. ඒ ගැන කියන්නට එළියට එන්නේ නැත්තේ ඒ නිසාය.

තිලිණි බොහෝ ව්‍යාපාරිකයන් බිලිබා ගැනීමට යොදාගත් මෙරට ජනප්‍රියම නිළියන් සහ නිරූපිකාවන් ළඟදීම හෙළිදරව් වනු ඇත. 2012 වසරේ ඇය විසින් කුලියට මෝටර් රථයක් ලබා ගෙන කළ මුදල් වංචාවක් සමඟ මේ ක්‍රියාවලියට අත්පොත් තැබුවාය.

රුපියල් 50,000ක කුලියකට ලබා ගත් ඇල්ටෝ මෝටර් රථයකට ඇය මෝටර් රථයේ හිමිකරුට ලබා දෙන්නේ රුපියල් 50,000ක අගරු චෙක්පතකි. තිලිණිව සොයා මෝටර් රථයේ හිමිකරු උතුරු හෝකන්දර වානගුරු මාවතේ නිවසට යද්දී ඇය පලා ගොසිනි.

තිලිණිට හසුවූ බොහෝ අය පොලීසියට යන්නේ චෙක්පත් අගරු වූ විටය. අධිකරණය හමුවේ ඇයට එල්ල වන්නේ වංචා කිරීම් සම්බන්ධයෙන් චෝදනා නොව අගරු චෙක්පත් ලබාදීමේ චෝදනාය. ඒ සම්බන්ධයෙන් ඇති දඬුවම් ලිහිල්ය.

ඇය වෙනුවෙන් නිතර පෙනීසිටියේ එකම නීති වේදිනියකි. ඇය ප්‍රකට ගායකයෙකුගේ සහෝදරියයි.

පන්නිපිටිය පැත්තේ පිහිටි පාසලක දහවෙනි ශ්‍රේණිය දක්වා උගත් ඇය පාසල් කාලයේ සිටම චංචාවටම බරවී සිටියාය.

ඇයට තීක්ෂණ නුවනක් විය ඒ හරහා ඇය නමගිය රහත් යැයි කියන භික්ෂුවක්ද සිටියේය. එම භික්ෂුවගේ කඩවත පිහිටි විහාරස්ථානයේද රන් පොලු තොගයක්ම ඇය ගොඩගසා තිබුණාය.

සෑම අවස්ථාවක්ම ඉතා සූක්ෂම ලෙස වීඩියෝගත කිරීමට සමත් වූ තිලිණි ඒ වීඩියෝ සාක්ෂි සෙසු අයට පෙන්වා ඔවුන් රවටා ගැනීමට සමත් වුවාය.

මේ වන විට තිලිණිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසාදයක් ද මතුවෙමින් පවතී. මන්ද යත් ඇයගේ ගොදුරු බහුතරය ජාවාරම්කාර කළු සල්ලි කාරයින්ය.

Related Articles