දිනේෂ් ගුණවර්ධන නව අගමැති වෙයි….

දිනේෂ් ගුණවර්ධන නව අගමැති වෙයි….

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ සභානායක මහතා හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිතය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ඇමැති මණ්ඩලයම නැවතත් දිවුරුම්දීමට නියමිතය.

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ පහළොස් වෙනි අගමති හැටියට දිව්රුම් දෙන දිනේෂ් ගුණවර්ධන හැත්තෑ පස් වන වියෙහි පසුවෙයි.

පිලිප් ගුණවර්ධන සහ කුසුමසිරි අමරසිංහගේ පුත්‍රයාය. වන ඔහු කොළඹ රාජකීය කොළඹ රාජකීය විද්‍යාලයේ රනිල් වික්‍රමසිංහගේ සමකාලිනයෙකි.

ඔහු නෙදර්ලන්ත ව්‍යාපාර පාසලේ , ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සමඟින් උපාධියක්ද ඇමරිකාවේ ඔරිගන් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධියක්ද ලබාගෙන ඇත. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සිටියදී වියට්නාම් යුද විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වෙමින් ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයට සම්බන්ධ විය.

ගුණවර්ධන රමණි වත්සලා කොතලාවෙල සමඟ විවාහ විය. ඔවුන්ට එක් පුතෙක් (යදාමිණි) සහ එක් දියණියක් (සංකපාලි) සිටින අතර බිරිඳ රමණි 1980 ගණන්වල මැද භාගයේදී හඳුනා නොගත් හෙපටයිටිස් රෝගයෙන් මිය ගියාය. පුතා යදාමිණි වර්තමාන පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු
මන්ත්‍රීවරයෙකි.

Related Articles