දෙහිවලින් අවසන් ගමන් ගිය චීන  ව්‍යාග්‍ර ධේනුව……

දෙහිවලින් අවසන් ගමන් ගිය චීන ව්‍යාග්‍ර ධේනුව……

දෙහිවල සත්වෝද්‍යානයේ කාගේත් අවධානයට ලක්ව සිටි “කෙල්ල” දිවි අතහැර ගොස් ඇත. “කෙල්ල” ගේ උපන් බිම චීනයයි. ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් ඔස්සේ 2008 දී වසරේදී දෙහිවලට පැමිණි කෙල්ල අකිරා, ඩුමා සහ ලියෝ යන පැටවුන් බිහි කල අතර ඇය ඉතා ආදරණීය තම පැටවුන් බලා ගත් බවයි දෙහිවල සත්වෝද්‍යාන සේවකයින් පවසන්නේ.

පසු ගිය මාරතු මාසයේ පැටවුන්ට උපත් දීමෙන් අනතුරුව “කෙල්ල” දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් හට නිරීක්ෂණය විය.

පශුවෛද්‍යවරුන් තමන්ට කල හැකි සියල්ල කලත් “කෙල්ල” දිනෙන් දිනම අබල දුබල වී ඊයේ රාත්‍රීයේ අවසන් සුසුම හෙළුවාය.

පුරා අවුරුදු පහළොවක් දෙහිවල විසු මේ ව්‍යාග්‍ර ධේනුව නැති සත්වෝද්‍යානයට මේ වියෝව පාළුවක් එක්වී ඇති බව සේවකයෝ පවසති.

මේ ව්‍යාග්‍ර ධේනුවගේ ගේ මරණය පිලිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related Articles